IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

(සුජිත් හේවාජුලිගේ)

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති ඉදිරියේදීම දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ අලුත් සන්ධානයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැමිණිය යුතු නමුත් රාජපක්ෂවරුන් පැත්තකින් සිටිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී පවසා ඇතැයි  දැනගන්නට ඇත.

රාජපක්ෂවරුන් නායකත්වය නොදරන පොහොට්ටු පක්ෂයේ සහභාගිත්වය ඇති පුළුල් සන්ධානයකට ඉඩ දෙන ලෙසට ඉල්ලීමක් සන්ධානය සමග එක්වීමට අපේක්ෂා කරන අනෙකුත් පාර්ශවයන්ගෙන් ඉදිරිපත්ව ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත්  සඳහන් කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී ආවේගශීලීව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට පිළිතුරු දී ඇතැයි පැවසේ..

රාජපක්ෂවරුන් පාලනය කිරීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බවත් ඔහේට අපිව එකවරක් එපා නම් අපිට ඔහෙ ඒවා සිය වතාවක් එපා යයි යනුවෙන්  ප්‍රකාශ කර ඇති බවත්  ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර වුවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඔහුට හිතවත් ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් පිරිසක්ද කැඳවා තිබිණ. බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන්ද අප්‍රසාදය පළ කර ඇතැයි දැනගන්නට ඇත

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ පසුගිය 17 වැනිදා සඳුදා දිනයේය.



අදහස් (19)

බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Perera Saturday, 22 June 2024 10:51 AM

රාජපක්ෂවරුන්? රාජපක්ෂ හොරුන්...!

:       13       104

Sachith Saturday, 22 June 2024 10:59 AM

ඔයා හොඳටම තාත්වික මදි, අඩුම ගානේ කලින් රැස්වීමේ වගේ කකුලක්වත් කඩන්න ඕනෑ... රඟපෑම තාත්විකයි කියලා හිතෙන්න නම්.

:       4       75

Achini Saturday, 22 June 2024 11:21 AM

තමන්ගේ හොර වැඩ. කප්පම් වැඩ ටික වහගන්නගහන ගැට ටික කොහොමද? දැන්වත් මිනිස්සුන්ට මොලේ පෑදුවා නම් ඇති...

:       5       75

ගමේ එකාලා Saturday, 22 June 2024 11:22 AM

බලලෝබී, බඩගෝස්තරවාදී හොර දූෂිතයෝ ජරාපක්ෂලා කියන්නේ. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, දූෂිත පවුල් පාලනේ අය සදහටම හිරගෙදර ඉන්න ඕන අය. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා රටම විනාශ කෙරුවා. සාපවෙනවා රටට කරපු විනාසෙට. ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා.!

:       9       66

දිල්හාණි Sunday, 23 June 2024 07:07 AM

ගමේ එකාලාට කියන්නේ ඔබලා දැන් රාජපක්ෂවරුට දොස් කියනවා මහින්ද රාජපක්ෂ කියන කොන්ද පණ තියෙන නායකයා නිසා තමයි අද අපි බය නැතුව පාරක යන්නේ. අපි යුද්ධයෙන් හොඳටම බැට කාපු මිනිස්සු අපේ පවුල්වල ගොඩක් දෙනෙක් යුද්ධය නිසා කොටින්ගෙන් මැරුම් කෑවා. මහින්ද රාජපක්ෂ කියන නායකයාගේ කෙලින් ප්‍රතිපත්ති නිසා තමයි අපේ ආරක්ෂක අංශ යුද්ධය අවසන් කරේ ඒ අතීතය ඔබලා වගේ දෙපා සත්තුන්ට අමතකයි. යුද්ධය කරේ පොල් විකුණලා ඒවායින් ගත්තු සල්ලි වලින් නෙවෙයි. මල්ටි බැරල් ආමට් කාර් වෙඩි උන්ඩ කාලතුවක්කු නවින උපකරණ ගෙනැල්ලා යුද්ධ කරේ, ඒවා ගත්තේ රටවල් වලින් ණයට. ඒ ණයවලින් තමයි අපි ණය වුනේ පාරවල් සංවර්ධනය කෙරේ වතුර දුන්නේ පාසල් හැදුවේ මේ සියල්ල කරේ ණයට අරන් රාජපක්ෂලා හදපු පාරේ යන ගමන් ඒ ලයිට් වලින් ප්‍රයෝජන ගන්න ගමන් ඒ වතුර බොන ගමන් රාජපක්ෂලා මොනවාද කියලා අහන අය තමයි අද අපේ රටේ ඉන්නේ... ඔබලා වගේ තුනේ කල්ලියේ අය වැඩ කරන්නේ මුල අමතක කරලා...

:       3       2

පුරවැසියෙක් Sunday, 23 June 2024 03:30 PM

දිල්හානි ඔබ හරි. මහින්ද ගැන අවුලක් නෑ. මිනිහා වැඩක් කෙරුවා. මහින්ද ලොක්කාට තිබුණු ගෞරවය නැතිකෙරුවේ මේ නාමලුයි, බැසිල් කියන මනුස්සයයි. ගෝඨාභයට රට කරගෙන යන්න දෙන්නේ නැතිව මේ දෙන්නා ගෝඨාභයයි, රටයි දෙකම විනාශ කෙරුවා. දැන් ඉතිං මිනිස්සුන්ට ඒ පවුලම නයාට අඳුකොළ වගේ. ඒකයි හේතුව...

:       0       5

Kazi Shajahan Saturday, 22 June 2024 11:50 AM

ප්‍රසන්න කන්න දුන්නු අත හපාකාලා, කොහොමද? දැන් රාජපක්ෂලාට සැපද? නිකන් පච වෙනවානේ..

:       4       53

Wt hemantha Saturday, 22 June 2024 11:51 AM

ඔය මොන ගැට ගැහුවත් මාලිමාව ජවිපයට ගේමක් දෙන්න බෑ.

:       46       63

පුරවැසියෙක් Saturday, 22 June 2024 12:03 PM

ලැජ්ජා නැතිව තවත් බලයට එන්න හදන හැටි. මුළු රටක මිනිස්සු අන්ත අසරණ කරලා දාලා තවත් දේශපාලනය කරන්නයි කල්පනාව. ලංකාවේනම් ඡන්දේ දෙන මිනිස්සු නෑ. දෙන එකෙක් හරි ඉන්නවා නම් එයා බත් කන කෙනෙක් නෙමෙයි. එකට හොරා කාපු අයටත් දැන් මේ කට්ටිය අප්පිරිය වෙලා. ඉතිං රටේ මිනිස්සු ගැන කවර කතාද?

:       4       50

පිටිගල මිලානෝ Saturday, 22 June 2024 12:16 PM

ලබන ඡන්දෙන් පස්සේ ඔක්කෝම හිරේ… බැසිල් මේ පාරත් පනියි… ඊට ඉස්සෙල්ලා අල්ලාගන්න.

:       7       54

අරවින්ද මොනරවිල Saturday, 22 June 2024 12:20 PM

රනිල්ගේ සිස්ටම් එක තමයි ඕක, තමන්ට කියා ගන්න, කර ගන්න බැරි ඒවා වටේ උන් ලව්වා කියවා ගන්නවා, කර ගන්නවා, 2015 දි සිරිසේනට ගහන්න ෆොන්සේකා, හරීන්, සූජිව වගේ අය පාවිච්චි කෙරුවා 2002 දී චන්ද්‍රිකාට ගහන්න රවී, රාජිත, එස්.බී හා මහින්ද විජේසේකර වගේ අය පාවිච්චි කෙරුවා.

:       5       58

Ra very good Saturday, 22 June 2024 01:10 PM

ඕක නෙවෙයි ප්‍රශ්නෙ පියුමිගේ දේපළ සල්ලි...

:       3       29

Rata Perata Saturday, 22 June 2024 01:16 PM

මේ වගේ අය එක්කද රට හදන්න යන්නේ... දැන්වත් මොලේ කල්පනා කරලා අලුත් පක්ෂයකට දීලා බලන්න. මේ අපිට ලැබෙන අවසානම අවස්ථාව විය හැකියි.

:       8       39

සෙනෙවිරත්න Saturday, 22 June 2024 02:55 PM

කප්පම් කාරයා කියලත් බැන්නාද? මොන පිස්සුද එහෙම කියන්නේ කොහොමද තමන් මිස්ටර් ටෙන් පර්සෙන්ට් වෙනකොට...

:       2       26

Prabha Saturday, 22 June 2024 03:15 PM

ඔබට එපා නම් මා එක් වාරයක්, ඔබත් එපා මට දහස් වාරයක්. මීට ප්‍රේමයෙන් පැරදුණු බැසිල් රාජපක්ෂ..

:       1       22

සමන් විමල් Saturday, 22 June 2024 03:35 PM

රට පෙරට, ලංකාවේ අලුත් පක්ෂයක් තියේද? එහෙම නම් කියනවාද? අලුත් නම් දාගෙන ආවාට සාරි පොටවල්වල, කලිසන් කකුල්වල, එල්ලිලා වරප්‍රසාද ගත්තු අය. තණකොළයි බතුයි වෙනම හඳුනා ගන්න බැරි අයට අලුත් වගේ පේන තක්කඩි රැලක් තමයි ඉන්නේ...

:       6       15

ama Saturday, 22 June 2024 06:29 PM

ඔබේ මුදලින් වී 8 ගත්ත අවසාන පාර්ලිමේන්තුව කිරීමට ඔබ සැමට මොලය ලැබේවා!

:       0       2

joni Saturday, 22 June 2024 09:01 PM

දැන් රාජපක්ෂලාට බලයක් නැහැනේ... ඒ කාලේ නම් ප්‍රසන්න රණතුංග රාජපක්ෂලා පස්සෙන්ම ඉඳලා ගොට්ට අල්ලාගෙනමයි හිටියේ... දැන් රාජපක්ෂවරුන්ට හෙන ගැහුවත් මේ ප්‍රසන්න රණතුංග කමක් නැහැ. ඒ මොකද ඇමැතිකම රැකගෙන ඉන්න තමයි ඕනේ... ඇමැතිකමක් තියනවා කියන්නේ ඉතින් ගොඩම තමයි..!

:       0       1

ගාමගේ Monday, 24 June 2024 12:45 AM

රනිල්ට මොළේ තියෙනවනම් මේ දෙපත් නයි කිට්ටු කරගන්නේ නෑ. වාසි පැත්තට හොයියා කියන මෙයාල රනිල්ටත් කෙලින්නේ මේවගේම තමයි. දැන් කොහොමහරි කාගේ පිහිටෙන් හරි රැකෙන්නයි බලන්නේ. ඡන්දේදී මිනිස්සු හොඳටම සළකයි ඒ ගොල්ලොන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 58 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 894 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site