IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


බිළිදෙක් විකුණන්න ගිය මවක් වසර 7ක් හිරේට

දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි තිදරු මවක වු හෙදියකට වසර 7ක සිරදඬුවම්  කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය.

ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 360 ඈ දෙක වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධි චෝදනා ගොනුකරමින්  නීතිපතිවරයා පැවරු නඩුවක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් පසුව මෙම තීන්දුව නිකුත් කළේය.

සිරදඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩ මුදලක් ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.



අදහස් (15)

බිළිදෙක් විකුණන්න ගිය මවක් වසර 7ක් හිරේට

Ekanayake Thursday, 05 June 2025 02:50 PM

එතකොට අර නීති විරෝධී ලෙස දරුවා ගන්න හදපු නිලධාරිනියට දඬුවමක් නැද්ද?

:       2       26

ඊළඟ උසස්වීමට ඇඳුම් මහන මාරයා Thursday, 05 June 2025 03:10 PM

අසාධාරණය, මාරයා ලෙසද පැමිණිය හැක...! දැන් ඉතිරි ළමයි 3න් දෙනා බලාගන්නේ කවුද? මාරයාද?

:       2       29

අසාධාරණFriday, 06 June 2025 06:06 AM

ඉස්සර කාලයේ ශිෂ්‍යත්ව විභාගය මෙතරම්ම ජනප්‍රිය නොවුණු කාලයේ එම වයසේ දරුවන්ට ජනකතා කියලා දෙනවා කල්පනා කරන්න හැකියාව ඇතිකරනවා දැන් කාලයේ ඒවා නැතිවීම පාඩුවක්... මම අහපු එක් කතාවක වඳුරෙක් කඩලා මිටක් අරගෙන ගසකට නැග කන්න හදද්දී එකම එක කඩල ඇටයක් බිමට වැටිලා තියෙනවා. ඉතින් එම වඳුරා අනෙක් සියලුම කඩල ඇට විසිකර බිමට වැටුණු කඩල ඇටය සෙව්වාලු..

:       0       0

අංජන Thursday, 05 June 2025 04:26 PM

46 වයසක කාන්තාවන්ට දරුවන් උපද්දන්න පුලුවන්ද . අනික හෙදියක්

:       0       0

sujith Thursday, 05 June 2025 04:30 PM

අද රටේ මෙවැනි දේ සිදුවන්නේ දුප්පත්කම නිසයි. බොහෝ විට මේ මව තම දරු පව්ල පෝෂණය කිරීමට යම් මුදලක් සෙව්වා විය හැක. මෙවැනි දේ ගැන නීති පොත් වල ඇති දේ පමණක් නොව, සමාජ තත්වය ගැනත් සලකා තීරණ ගත යුතුයි.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 05 June 2025 05:46 PM

අර නිලධාරිනිය බබාද…? මේ අය ගහන ගේම් පේනවා නේද..?

:       2       12

රුවන් Thursday, 05 June 2025 06:36 PM

අදට අවුරුදු 30-50කට කලින් මේවා සුලබ වුණා... දැන් ඒ ළමයි අවුරුදු 40-50 වෙලා ලංකාවේ ඇවිල්ලා තමන්ගේ දෙමව්පියන් හොයනවා අන්තිමට සල්ලි වලට වික්කා කියලා දැන ගත්තාම මේ රටට ශාප කරලා යනවා. ඒකයි මේ රට හැදි ගැලවිලා යන්නේ. නිකං දෙන්නා නම් ඉවරයිනේ. අපේ නෑයොත් දුප්පත් අය අපේ නෑ අයටම දුන්නා. සල්ලි වලට දෙනවා කියන්නේ අපාගත දෙයක්, අනිත් දේ උපත් පාලන පිළිබඳ දැනුමක් නැද්ද?

:       0       7

SachiniFriday, 06 June 2025 05:26 AM

කවුද දන්නේ මේ හෙදිය දරුවා හොරකම්කර වික්කාද කියලා...

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 05 June 2025 06:42 PM

දඩුවම ලබා දීම විතරක් නොවෙයි රජයක වගකීම වෙන්නේ, ඇය එවැනි වැරැද්දකට යොමු වෙන්න හේතු හොයා බලා එයටද පිලියම් යෙදිය යුතුයි.

:       1       19

Kumar Thursday, 05 June 2025 09:02 PM

අත් සිට වූ සිර දඬුවමක් දෙන්න බැරිද ? දැන් දරුවෝ තිදෙනෙකුට අම්මෙක් නැතිවුණා නේද? මරන්නේ නැතිව කෙනෙකුට දරුවා දෙන්න ක්‍රමයක් නැද්ද?

:       0       0

Dinesh Thursday, 05 June 2025 10:03 PM

අවුරුදු 50-60 පරණ නිති යාවත්කාලීන විය යුතුයි! ළමා නිවාසවල ලමයින් කොච්චර දුක් විදිනවද? ඇත්තටම දරුවෙක්ව දරුවන් නොමැති අය හදාගිනිමට ලබා ගැනිම ලොකු පිනක්!

:       0       0

Kithsiri Friday, 06 June 2025 02:11 AM

ලිපියේ අඩංගු කරුණු අනුව මෙම කිරි දරුවා මෙම කාන්තාවගේ බව සඳහන්කර නොවේ, ඒ අනුව මට නම් තේරුම් යන්නේ මෙම කාන්තාව අන් කෙනෙකුගේ දරුවකු විකිණීමට උත්සාහ කර ඇතිබවක්...

:       0       0

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 06 June 2025 04:04 AM

අර පිටිගල මිලනෝ, ඒකනායක වගේ බත්කන හරක්ට තේරෙන්නේ නැහැ.. කාන්තා කාර්යන්ශයේ නිලධාරිනිය ඇවිල්ලා තියන්නේ මේ නීති විරෝධී වැඩේ අල්ලන්න කියලා. මේ වගේ පෝස්ට් ගොඩකට ලොරි ටෝක් නම් දීලා තියෙනවා... මොකද්ද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැති වුණාට...

:       0       0

Bunny Preena Friday, 06 June 2025 09:23 AM

මෙහෙමත් අම්මලා

:       0       0

prasanna Saturday, 07 June 2025 04:02 PM

චේතිය රජු විතරක් නොවේ, කැකිල්ලේ රජතුමාත් නැවත ඉපදිලා. දැන්නම් මරු තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site