
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු නම සහ සෙසු සැකකරුවන් හය දෙනා එක් අයකුට මුදලින් රුපියල් දහදහස බැගින් වූ ඇප සහ රුපියල් ලක්ෂ 10 ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ල මහතා නියෝග කළේය.
මෙසේ ඇප නියම වූයේ නැගෙනහිර භික්ෂු පෙරමුණේ සභාපති ෙය බළන්ගොඩ කස්සප, ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නිලාවේලි බොරලූකන්ද රජමහ විහාරාධිකාරී ත්‍රිකුණාමලයේ සුඛිතවංස තිස්ස, ත්‍රිකුණාමලය සිරිමාපුර ආනන්දාරාම විහාරවාසී ත්‍රිකුණාමලයේ නන්ද යන හිමිවරු හා සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකුගලප්පත්ති, සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක, ත්‍රිකුණාමලය එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්. දීපානි, ඩික්මන් ජයරත්න, එම්.සී. පියල් හේමසිරි, ලියනගේ තිලක් පෙරේරා නමැත්තන්ටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව සමාජගත කරමින් ජන මනස විකුර්ති කරනවා...
ඡන්දයක් තියන්නකෝ.. පේන්නේ නම් සිංහල බෞද්ධයින්ට නම් කරන වැඩ වලට රිටර්න් එක.
කෝවිඩ් වයිරසයටත් වඩා භයානක විෂබීජ ව්‍යාප්ත වීමේ, අනිටු ප්‍රතිවිපාක ළඟදීම ලාංකික සමාජයට භුක්ති විඳීමට හැකිවේවි...! පිම්බත් වලට වහ වැටුණු පූජකයින් සමග ධර්මය විකුණාගෙන බඩ ගෝස්තරය රැක ගන්නා අමනුස්සයින්ගෙන් මේ ලංකාව පිරීතිබීම තමයි මේ රටේ ශාපය...!!!
Toni, මමත් කියන්නේ ඒකම තමයි. ඔව් පුලුවන්නම් තියන්න. බලමු මේ අයත් අපි වගේම ඡන්දවලට බයද කියලා...
බුදුන් වහන්සේ දෙසනා කර තිබෙනවා භික්ෂුන්ට රටේ රාජ්‍යයේ පනවා ඇති නීති වලට එරෙහිව කටයුතු නොකළ යුතු බව. මන්ද එසේ සිදු වුවහොත් භික්ෂුන් හට දඬුවම් වලට ලක්වී කරදරයට පත් වන නිසා. එවිටම රටේ පාලකයටද එය මහත් කරදරයක් වන නිසා. මේ අය නියම භික්ෂූන් නම් ඕවා දන්නේ නැද්ද? රටේ වෙරළ සම්බන්ධ නීති පොදුවේ පවතින ඒවා මිස අනුර ජනපති පුද්ගලිකව පනවපු ඒවා නොවෙයි. ඒ නීති උල්ලංඝනය කළවිට වරදක් කිරීම යටතේ නීතිය ක්‍රියාත්මක වන විට රජයට හෝ ජනපතිට එරෙහිව ජනතාව උසිගැන්වීමට උත්සාහ කිරීම හරිද?මේ ගොල්ලන්ට වුවමනා කරන්නේ රජය බොරු චෝදනා වලට ලක් කර පෙරලා දමා නාමල්ගේ පොහොට්ටු සිහින රජය පිහිටුවන්න. මිනිස්සු ඒවාට අහුවෙන්න තරම් මෝඩයෝ නෙමෙයි...
පෘට් ජූස් බීපුවාම නීරෝගී වෙනවා කියලා කසුන් කියනවා...
Musala thunwani paanthika nugath jeppo atha thiyanne waradi thanata.