IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බහලුම් නිෂ්කාශන ප්‍රමාද ගාස්තුව ආනයනකරුවන්ගේ කරපිටට

(යොහාන් භාසුර)

ප්‍රමාද වූ බහලුම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධාන ආනයනකරුවෝ පවසති.

මෙම බහලුම් අතර අත්‍යවශ්‍ය ආහාර සහ භණ්ඩ ඇතුළත් බහලුම්වලට අමතරව වෙනත් නිෂ්පාදන කර්මාන්තවලට අමුද්‍රව්‍ය රැගත් බහලුම් ඇතුළු විවිධ භාණ්ඩ ඇතුළත් බහලුම් ඇති බවත් එම සියලුම ආනයකරුවෙක්ට ප්‍රමාද හේතුවෙන් අවම වශයෙන් රුපියල් ලක්‍ෂයකට අධික අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවත් ආනයනකරුවෝ පැවසූහ.

ආනයනික බහලුම් නිෂ්කාශනය ප්‍රමාද වීමෙන් ආනයනකරුවන්ට බහලුම් නිදහස් කරගැනීමට අමතර විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ ආනයනකරුන්ට එම අමතර මුදල භාණ්ඩවල මිලට ඇතුළත් කිරීමට සිදුවනු ඇති බවත් ආනයනකරුවෝ පැවසූහ.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමේ වැඩි ඉඩක් ඇති බව කියන ආනයනකරුවෝ එම බර පාරිභෝගික ජනතාවට දැරීමට සිදුවනු ඇති බව ද සඳහන් කළහ.

ආනයනික බහලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් වැඩි ප්‍රවාහන ගාස්තු, වරායට ප්‍රමාද ගාස්තු සහ අමතර සේවක වියදම් ඇතුළු වියදම් රැසක් දැරීමට ආනයනකරුවන්ට සිදුව ඇති බවත් අතැම් ආනයකරුවන්ගේ වියදම රුපියල් ලක්‍ෂ දෙක තුනක් බවට ද පත්වි හැකි බවත් ඔවුහු පැවසූහ.

බහලුම් නිදහස් කිරීම ප්‍රමාදවීම ආනයකරුගේ දුර්වලතාවක් හෝ අතපසුවීමක් නොවුණ ද වරාය අධිකාරියට ප්‍රමාද ගාස්තු ගෙවීමටත් සිදුව ඇති බව කී ආනයනකරුවෝ මෙම තත්වයට ආණ්ඩුව මැදිහත්විය යුතු බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා කාර්ය උපාංග, ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය හෙවත් ‘ස්ලාෆ්ෆා’  සභාපති චන්න ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ඇතැම් බහලුම් ප්‍රවාහන රථ වරාය තුළ පෝලීමේ මේ වන විට දින තුනකට වඩා ගත කරන බවත් රථයක් දින තුනක් එම ස්ථානයේ තිබුණ හොත් ආනයනකරුගෙන් රුපියල් රුපියල් 50,000 සිට ලක්‍ෂයක් දක්වා අමතර මුදලක් අය කරන බවත්ය.

බහලුම් ප්‍රවාහ රථය දින තුනකට වැඩි කාලයක් වරාය තුළ තිබුණ හොත් එම මිලට ඊට වඩා වැඩි වන බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම තත්වයෙන් රජයට සිදුවූ පාඩුව පිළිබඳව කළ විමසුමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ මෙම ප්‍රමාදයෙන් රජයට කිසිඳු පාඩුවක් වී නොමැති බවත් සියලුම බදු අයකරගැනීමෙන් පසුව බහලුම් නිදහස් කරන බවත්ය.

මෙහිදී රජයට කිසිඳු පාඩුවක් වී නොමැති අතරම මෙහිදී සියලුම අයකිරීම් ආනයනකරු දැරිය යුතු බවත් තවත් බහලුම් 600 ක පමණ ප්‍රමාණයක් නිදහස් කිරීමට තිබෙන බවත් අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අර්බුද හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකා 30 ක් හැරී ගොස් ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි.



අදහස් (3)

බහලුම් නිෂ්කාශන ප්‍රමාද ගාස්තුව ආනයනකරුවන්ගේ කරපිටට

Meeharaka Wednesday, 15 January 2025 05:15 PM

අනාගන්නවා කියන්නේ මේවට තමයි. බැරිනම් ගෙදර යන්නකෝ...!

:       23       21

Kamal Koyrala Wednesday, 15 January 2025 06:13 PM

අවසානයේ සියලුම රජයේ හෝ ආනයන කරුවන්ගේ කුණු මහජනතාවගේ හිස මතට...!

:       3       20

Lalla Wednesday, 15 January 2025 10:05 PM

සීවලී අරුක්ගොඩ කියන කතාව හරිම අප්‍රසන්නයි.බහලුම් නිදහස් කිරීමට ප්‍රමාද වූයේ රාජ්‍ය සේවයේ දුර්වලතාවයක්. රේගුවේ වරදට හෝ බැරිකමට ආනයනයකරු හෝ මහජනතාව ගෙවිය යුතු ඇයි. කැකිල්ලේ කතාවට දෙවැනි නෑ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 398 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2176 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site