
(අංජුල මහික වීරරත්න)
බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශිය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවිම වලක්වීම සඳහා භාවිතා කරන Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්යය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද මෙම එන්නත අනිවාර්ය වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය,බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ (GCC) උපදෙස් මත ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
මෙනින්ගොකොකල් රෝගය යනු නයිසීරියා මෙනින්ජිටිඩිස් (Neisseria meningitidis (also termed meningococcus) බැක්ටීරියාව මගින් ඇතිවන ආසාදන රෝගයකි.
ප්‍රතිකාර නොකළහොත් එම රෝගයට ඉහළ මරණ අනුපාතයක් ඇති නමුත් එන්නත මගින් වලක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙනින්ජයිටිස් බෝවන රෝගයක් වන අතර සංවර්ධිත සහ ඌන සංවර්ධිත රටවල රෝග, මරණ සහ ආබාධිතභාවය සඳහා මෙනින්ජයිටිස් සහ මෙනින්ගොකොක්සිමියාව ප්‍රධාන හේතුවකි.
2024 වසරේ බහරේන් රාජ්‍යෙය් රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4000 කට වැඩි පිරිසක් පිටත්ව ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 04
38
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
340
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය කරයි