
(නිමල කොඩිතුවක්කු)
පවතින මගී ප්‍රවාහන බලපත්‍ර නීත්‍යානුකූලව අලෙවි කිරීමට බස් රට හිමියන්ට අවස්ථාව හිමිකර දෙමින් දශක 3 ක කාලයක් තිස්සේ ගැටලුවක්ව පැවති මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද(6) සිට බලාත්මක කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මින් ඉදිරියට කිසිදු අයුරකින් අයථා ලෙස අලුතින් මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් නොකරන බවත් ගුණාත්මක බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල කොස්වත්ත හි පිහිටි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් දේශපාලන බලවතුන්ට බස් මුදලාලිලා වෙන්න තිබුණු බාධකය ඉවත්කර දැමීම.. යහපත් වේවා!...
විකුණන්න අවස්ථාව ලබාදීලාම නෙමෙයි, කලින් තිබුණු ක්රමයේ හැටියට තාත්තාට බෑ තමන්ගේ දරුවෙකුටවත් පර්මිට් එක පවරන්න. විකුණන එක නම් පහුගිය අවුරුදු 30 තිස්සේම සිද්ධ වුණා. පර්මිට් අයිතිය යාවත්කාලීන කරන්න පුළුවන් විදියට තමා මේ සැරේ කටයුතු යොදලා තියෙන්නේ. ඒ අනුව මේ පුවත නිවැරදි විය යුතුයි.
මගී බලපත්‍රය හෝ බස්වල සැරසිලි, හෝ ආසන පටි නොවේ... මගී ජනතාවට තිබෙන ප්‍රධාන ප්‍රශ්න කාල සටහනක් තිබුණත්..., කාල සටහන අනුව බස් ධාවනය නොවීම, සමහර බස් ධාවනය වන්නේ ඉබි ගමනෙන් , සමහර ඒවා යන්නේ උඩින් රොකට් වගේ, රාත්‍රී 6න් පස්සේ කාලසටහනේ තිබුණත් බස් ධාවනය වෙන්නේ නැහැ. දුම්රිය නැවතුම්පළවල් නවීකරණය කළත් දුම්රිය අබලන් කලට වෙලාවට දුම්රිය එන්නේ නැහැ... කරුණාකරලා සැරසිලි කරන්න ඉස්සර වෙලා ඉහත සදහන් කළ ප්‍රධාන ප්‍රශ්න වලට විසදුමක් දෙන්න ඇමැතිතුමා...