(නිමල කොඩිතුවක්කු)

බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව  0.55%කින් අඩු වුවත් බස් ගාස්තු තවත් අඩු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල  සහ අනෙකුත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මෙම තත්ත්වයට බලපා ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව (4) සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කරනු ලැබීය.