IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බසයට හානි කළ සෙබළා අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක) 

බණ්ඩාරවෙලදී  ලංගම බස් රථයකට පහර දී අලාභ හානී සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටින (35) හැවිරිදි සෙබළෙකි. 

 කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන   බණ්ඩාරවෙල ඩිපෝවට අයත්  ඉහත ලංගම බස් රථය කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වී, රාජකාරිය නිමාකර රියදුරු සහ සහයක බස් රථය බණ්ඩාරවෙල ඩිපෝව වෙත රැගෙන යමින් සිටියදී, මෝටර් රථයකින් පිරිසක් සමඟ පැමිණි සෙබලා බසයට ගොඩවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

බස් රථයට ගොඩ වූ  සැකකාර  සෙබලා තමා කොළඹට රැගෙන යන ලෙසට රියදුරුට සහ කොන්දොස්තරට දැනුම් දී ඇති අතර, බස් රථයේ කොළඹ සිට පැමිණි බවත්, යළිත් කොළඹට පිටත් වන්නේ පසු දින බවත් රියදුරු සහ කොන්දොස්තර සැකකරුට දැනුම් දී ඇත.

එහිදී සැකකරු කොන්දොස්තර සහ රියදුරු සමඟ  ආරවුල් ඇති කරගෙන කලහාකාරී ලෙස හැසිරී බස් රථයට පහර දී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි

 



අදහස් (0)

බසයට හානි කළ සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site