IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තත්වයෙන් බාල  සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල්  හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු  දූෂණයක් කර  ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

සතොස  ආයතනයේ  සිස්ටම් ඔඩ්ට්  මුල් ටෙන්ඩරයේ ලියකියවිලි අතුරුදන් කර ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන දුමින්ද හුලංගමුව මහතාගේ සමාගමට එය පිරිනමා ඇතැයි පැවසූ  හෙතෙම එම මුල්  ටෙන්ඩර් ලියකියවීලි අතුරුදහන් කිරීම ගැන පරීක්ෂණයක් කළ යුතු බවද සඳහන් කළේය.

සතොස  ආයතනය  අද හොර ගුහාවක් බවට පත්ව ඇති බවද ඔහු කීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සමූපකාර වෙළඳ වාණිජ සහ  ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබද  අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (5)

’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’

sachith Wednesday, 19 March 2025 09:04 PM

කියවන්නේ නැතුව ඔප්පු කරලා අල්ලස් දූෂණ ගැන පොළිසියට පැමිණිල්ලක් දාන්නකෝ.

:       6       24

ලූට මූස් Wednesday, 19 March 2025 09:06 PM

ඔහේලගේ කාලේ සතොසෙ හරි කොලිටි හාල් තිබුණා නේහ්…!

:       4       24

ගුණරත්න Wednesday, 19 March 2025 11:49 PM

ඒක නිසා තමයි අපි සතොසෙන් බඩු ගන්නෙත් නැත්තේ, ඔය කුණු බඩු අඩුවට මිනිස්සුන්ගේ ඇඟේ ගහන තැන්, ඡන්දයට කලින් මාලිමා සමූපකාරේක කුණු පරිප්පු සෝදලා විකුණන්න දාල තිබිල අහු වුනා, එක යට ගැහුවා මේ පරිප්පු ආපහු යවන්න සූදානම් කරපුව කියල, එත් මොන යකාද කුණු බඩු සුද්ද කරලා ආපහු යවන්නේ? පරිප්පු සොදන්නේ මොන පිස්සද? එත් මුන් එක කරලා යට ගැහුවා

:       4       0

MD Thursday, 20 March 2025 08:19 AM

බිමල් නලින්ද වසන්ත සමරසිංහ නම් කියන්නේ මේක රාජපක්ෂ පවුලට සම්බන්ධ කෙනෙක්ගේ වැඩක් කියලයි.

:       3       1

අරවින්ද මොණරවිල Thursday, 20 March 2025 09:55 AM

ඕක පාර්ලිමේන්තුව ඇතුලේ වරප්‍රසාද වලට මුවා වෙලා කියවන්නේ නැතුව එලියට ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන්න බලන්න ඔයාට වෙන්නේ මොකක් කියලා බලාගන්න පුලුවන්!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site