
(අංජුල මහික වීරරත්න)
පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ(13)වන දා රට පුරා කළ මෙහෙයුමේ දී බීමත් රියදුරන් 103 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි.
මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ‍්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ (13) සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (13) දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6676 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 26125 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 10791ක්ද යතුරු පැදි 8091ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
එකී වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 878 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 18 දෙනෙකුද වරෙන්තුකරුවන් 530 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඉතිං පුංචි දඩයක් ගෙවලා ඇවිත් ආයිමත් හොඳට බීලා වාහනේ පදින එකයි තියෙන්නේ. මගේ අදහස නම් බීමතින් රිය පැදවීම ඉතා බරපතල වරදක්. ඊට නිසි දැඩි දඬුවමක් දීමට නීති සංශෝධනය කළ යුතුයි. කෝ ඉතින් අපි කොච්චර කිව්වත් කාටවත් ඇහෙන්නේ නැහැනේ...
පාණ්ඩුවේ ලොකු මහත්තෙක් බීලා රියපදවලා අනතුරක් කළා කියලා පත්තරේ තිබුණා, ඒ මහත්තයා නම් ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. ඉතින් ලොකුම ලොකු මහත්තයලා බීලා පැද්දාට කමක් නැහැ.. පොඩ්ඩෝ නීතිය අකුරටම පිළිපදින්න ඕනෑ