
(රංජිත් රාජපක්ෂ)
දිඹුල පතන මවුන්ට්වර්නන් වත්තේ මැද කොටසේ වතු නිවාසයක දර කාමරයක් මත වැටි කොටු වි සිටි කදුකර කොටි පැටවකු නිරුපද්‍රිතව බේරා ගැනිමට වනජිවි නිලධාරිහු සමත්වූහ.
රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිනිදෙණිය මහතා සහා නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා කදුකර කොටි පැටවා ආරක්ෂිත කුඩුවකට අල්ලා සුදුසු පරිසරයකට මුදා හැරිම සදහා රැගෙන යනු ලැබුහ.
සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටි පැටවා නිවසේ වහල මතින් දර කාමරයට වැටි සිටියදි එම නිවසේ පදිංචිකරු ඒ පිලිබදව දැක දිඹුල පතන පොලිසියට සහ වනජිවි නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වනජිවි නිලධාරිහු කොටි පැටවා මුදා ගැනිමට පියවර ගත්හ.
නිවසේ හිමිකරු පවසන්නේ තම වතුයායේ නිතර නිතර කදුකර කොටියන් සැරි සරන බවත්, එම කදුකර කොටියන් අල්ලා වෙනත් සුදුසු පරිසරයකට රැගෙන ගොස් මුදා හරින ලෙසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර මඩුවට ගිනිතියන්නේ නැතුව කොටි පැටියා බේරාගත්තාට පින්
මිනිහා ඌරන් දඩයම් කරලා දැන් උන් නැති නිසා මම බල්ලෝ පස්සේ ආවා!