(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ගිවිසුමකින් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර බරපතල දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී තිබේ .
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ආණ්ඩුවට ප්‍රසිද්ධියේ විරෝධය පළ කර ඇත .
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය,අපේ ජන බල පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මෙම ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.
මේ සම්බන්ධයෙන් වහා සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ආන්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවා ඇති බවද වාර්තා වේ .
මෙම ගිවිසුම යළි සලකා බලන්නැයි එම ලිපිය මගින් ඉල්ලීමක් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .
ගෑස් බෙදා හැරීමේ ඒකාධිකාරය මෙම ගිවිසුම හරහා එක් සමාගමකට පැවරීම බරපතල තත්වයක් බව ද, එම ලිපිය මගින් දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ .
අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරුන් මෙම ලිපියට අත්සන් ලබා ඇතැයි ද වාර්තා වේ
එම පිරිස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ද ඉකුත් බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ දි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එම සාකච්ඡාව ද අසාර්ථක විය .
COMMENTS
මොන මත ගැටුමක් තියනවද කියලා කිව්වත් දැන් මේක දීලා ඉවරයිනේ... මොකද දැන් ආපහු ඇමරිකාවෙන් ගන්නද? කට්ටිය එකතු වෙලා ෂේප් වෙන්න උත්තරයක් හොයාගන්න..
නාට්‍යයක් නේ...
ලොක්කා කිව්ව ගමන් ඔක්කෝටම කොමිස් දෙනවා කියලා... එතකොට ඔක්කොම අත උස්සනවා...
අපි බලාගෙන ඉඳිමු 20 වැනි සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය වගේ වේවිද කියලා මේකත්...
ඕවා ඔක්කෝම නාට්‍ය..., මිනිස්සුන්ට එදිනෙදා තියන ප්‍රශ්න අමතක වෙන්න රූපවාහිනිය ඉස්සරහ නටන විගඩම්...
කරුණාකර ලබන ඡන්දෙදි පක්ෂෙ, පාට කුමක් වුවත් රාජපක්ෂ පවුලට සහ මෙම හොර නඩයට මනාපේ ගහන්න එපා. මේ ඔක්කොම කරන්නේ බොරු. බලාගාරෙ විකුණලා ඉවරවෙලා දැන් එක එක නාඩගම් නටනවා. මේවාට අකැමැති නම් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න පුලුවන්. ඔවුන් එහෙම කරන්නේ නැහැ.
කාගේ අතේද ෆයිල් ටික තියෙන්නේ ඒ අය තමයි දිනන්නේ.
අනාගත පරපුරට කිසිම දෙයක් ඉතුරු කරන පාටක් නෑ.
මේ පක්ෂ 10 ම බල්ලාගේ අන්ගේ ඉන්න මැක්කන් වගේ. මැක්කන් හයියෙන් හපනකොට බල්ලට රිදෙනවා. බල්ලා කහනකොට මැක්කෝ හැලෙනවා. ඊට පස්සේ ආයෙත් මැක්කෝ බල්ලාගේ එල්නලෙව. මැක්කෝ කවදාවට් බල්ලා දාල යන්නේ නෑ.
ලෝකෙට පේන්න රඟපෑම් කරන්න දේශපාලුවන් කොහොමටත් සූරයි. හරිම කපටියි. තමුන්ට ලැබෙන වරප්‍රසාද, සැප නැති වෙනවට කවුද කැමති ...? බොරුවනේ කරන්නේ .. වයසට ගිහිල්ලත් බලලෝභීන් බදාගෙන ඉන්න හැටි පේනවනේ?
ඔය කියන තරම් අවුලක් නැහැ. බරපතල තත්වයක් නැහැ. ඔය ගොබ්බ නායකයින් ටිකට දැන් ටොයිලට් එකට යන්නබැරිව ඉන්නේ... මේ දවස්වල ඇමෙරිකාවට දීපු හින්දා. මේ දවස්වල මහින්ද මහත්තයා උන්ටිකට දෙන්න බඩ විරේක කරන බෙහෙතක් සොය සොයා ඉන්නේ. ඒක දීපු ගමන් හිටියට වඩා හොඳට ඉන්නවා. ඔය උඩ පනින අයත් ඇමෙරිකාවට පටවන්න ඕනෑ. බොරුවට මෙහෙ වීරයෝ වෙනවා.
ඇමෙරිකන් පුරවැසියෙක් ඇමෙරිකාවට උදව් කරන්නේ නැතිව ලංකාවට කරයිද? බොරුවට දැන් කෑගහලා වැඩක් නෑ. බලයට එන්නේ අවුරුදු 05කට... බදු දෙනවා අවුරුදු 15කට, 99 කට... මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ පළමුව. බලය ගන්නේ අවුරුදු 05කට නම්, කිසිම ගිවිසුමක් අවුරුදු 05කට වඩා ගහන්න බැරි ක්‍රමයක් හදන්න ඕනේ. නැතිව බොරුවට ජනතාව රවට්ටලා තමන්ගේ ගාණ අරන් අවුරුදු 5න් අනිත් අයට දෙනවා කෙරෙන්නේ නෑ...
ඇමරිකාවට යන්න වීසා දෙනවා කිව්වා නම්, කුලප්පු වෙලා දඟලන මේ අයගේ උදවිය තමයි මුලින්ම යන්න හදන්නේ..
බම්බුව තමයි..!!!
පසුගිය කාලේ කරපු අරියාදු වලට වාඩුව ගන්නවා වගේ. අනේ අපි නොදන්නා දේශප්‍රේමේ.
ඔය ත්‍රිවිල් පක්ෂ ඔය තරම් හයියක් තියෙනවානම් තනියම ඉල්ලන්න ඕන.
කොහොමටත් ඉඩම් කොල්ලයට වඩා තාක්ෂණය හුවමාරු වීම ( ට්‍රාන්සර් ඔෆ් ටෙක්නොලොජි ) අපේ රටට හිතකරයි.
අතීත කටුක අත්දැකීම් හේතුවෙන් තවමත් "කෘත්‍රිම" සන්ධානය ගැන අපට විශ්වාසයක් නැත!
මේකත් තනිකරම ජනතාව රැවටීම පිණිස කරන රඟපෑමක් .ඔක්කොම අත්සන් කරලා දීලා ඉවර වෙලා ආණ්ඩුවේ සහාය පක්ෂ වැඩේට විරුද්ධ බව දැන් බොරුවට අඟවන්න හදනවා ඊළඟ චන්දෙදී වාසි ගන්න .විපක්ෂේ ඇතුළුව මුන් ඔක්කොමලා ගහලා එලවන්න ඕනේ
මහජනයා මුලාකිරීම සදහා මොවුන් විසින් ව්‍යාජ මත ගැටුම් නිර්මාණය කරනවා.
ඔය කියන්නේ පක්ෂයේ ඉන්න අයට පුළුවන් නම් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න කියන්න. ඒක හයියක්නේ...
මට නම් හිතෙන්නේ අයියලා, මල්ලිලා එකතුවෙලා, තමුන්ගේ රටේ ව්‍යාපාරිකයින්ට හොඳ හොඳ දේවල් ටික ලියලා දෙයි. කොහොමත් ඒ අය ශ්‍රී ලාංකිකයෝ නෙමෙයිනේ.. තමුන්ගේ රටට තමයි ඒ අය අදින්නේ..
රජයට තිබුනා කියලා ලොකු වෙනසක් වෙනවද?නිලධාරීට ගසා කන්න දීලා පඩු පිට යනවට වඩා හොද නැද්ද අලුත් තාක්ෂණය ගෙනත් අලුත් වියට කරගෙන යන ඒක