IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


බලය ගත යුතු ක්‍රමය ගැන ජනපතිගෙන් විපක්ෂයට පාඩමක්

(අංජුල මහික වීරරත්න සහ හිරාන් ප්‍රියංකර)

විපක්ෂයේ පක්ෂ වලට ආණ්ඩුවක් ගන්න ඕන නම් කළ යුතු එකම දේ " අපිට වඩා හොඳ වීම" යැයි ජනාධිපති අනුර දිසානායක මහතා පුත්තලම ජන රැලියේ දී පැවසීය.

නමුත් ඔවුන් ඉන්නේ ජාතික ජන බලවේගයට වඩා ගව් ගණනක් පිටුපසින් නරක තැනක බව කී ජනාධිපතිවරයා ඉස්සරහට හොඳ වුනොත් ඔවුන්ටත් දිනන්න හැකියාව තිබෙන බව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැළිය පැවැත්විණි.

" හවසට ටී. වී එකේ අඬන පිරිසක් ඉන්නවා. ඒ අය අඬනවා, අපි වැඩ කරනවා. ජනතාව ඉන්නේ අපි එක්ක.ආණ්ඩුවේ අපි වැඩ කරන විදියට ඒ අයගේ ජීවිත කාලයටම ආපහු ආණ්ඩුවක් ලැබෙන එකක් නෑ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (10)

බලය ගත යුතු ක්‍රමය ගැන ජනපතිගෙන් විපක්ෂයට පාඩමක්

කව්ද බෝයි Friday, 25 April 2025 11:56 AM

ඕගොල්ලෝ වැඩ කරනවා, ඒ අය අඬනවා. ඒ අයට රෙදි නැතිව කඩේ යන කට්ටියට මෙතන හොසේට වැළලෙනවා.

:       14       14

sakraya Friday, 25 April 2025 12:08 PM

අයියෝ ඕක ඔච්චර අමාරු පාඩමක් නෙවෙයි පුළුවන් තරම් බොරු වපුරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්න ඕනෑම පක්ෂයකට අපේ රටේ ඉන්න මෝඩයෝ අන්දලා බලය ගන්න පුළුවනි.

:       14       31

sahan fernando Friday, 25 April 2025 12:17 PM

අපිට වඩා හොඳට බොරුව කියන්න පුළුවන් වීම තමයි දිනන ක්‍රමය. ඒකනේ කියන්නේ – විශ්‍රාම ගිය දවසක බියුටි සෑලූන් එකක් දාගන්න පුළුවන් කට්ටිය අඬ අඬා ඉන්නවා. කයිවාරුයි, පච කියන එකයි, ඇරෙන්ඩ වෙන දෙයක් දන්නේ නෑ නේ.

:       10       23

සෙනෙවිරත්න Friday, 25 April 2025 12:26 PM

ජයවේවා මහජනයාගේ ජනාධිපති තුමනි, තමන් ඉස්මතු වීමට දඟලන පුද්ගල වාදය ,මත කටයුතු කරන විපක්ෂයට ඒ ගැන සිතීමටවත් නොහැක.

:       26       14

pj Friday, 25 April 2025 12:27 PM

පච කීමට ලැජ්ජාවක් නොමැති වීම බලය ගැනීමට ඇති එකම මග යයි සිතන්නෝ ද වෙති. පචයට පැවැතීමක් නැත. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෙෙරය සමාජගත කරන්නන්ට සමාජයෙන්ම පොළී සමගම පිළිතුරු ලැබෙනු ඇත... ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නන් තවමත් සිටීම රටේ වාසනාවකි. එය අවතක්සේරු නොකර කට රැක ගැනීම වටී...!

:       7       28

de silva Friday, 25 April 2025 01:51 PM

අපේ රටේ පසුගිය වසර 10 තුළ පත්වුන ආණ්ඩුවලට තිබුණු ප්‍රශ්නේ බලේ ගන්න එක නොවේ.. බලේ ගත්තාට පස්සේ ඒක රැකගන්න එක...!

:       0       13

de silva Friday, 25 April 2025 03:45 PM

පසුගිය කාලේ බලයට පත්වුණු ආණ්ඩුවලට බලේ ලැබුණාට පස්සේ මොලේ නැතිවෙන රෝග ලක්ෂණ උපරිමයෙන් දකින්න ලැබුණා...

:       0       3

Neel Friday, 25 April 2025 04:04 PM

අවුරුදු 76 මේ රට උලාකාපු අයට ඕවා තේරෙන්නේ නැහැ. කරලා තියන එකම රාජ්‍යකාරිය තමයි දූෂණය, නාස්තිය, හොරකම, ජාතිවාදය. එහෙම කට්ටියට කවදාවත්ම නැවත මේ රටේ ජනතාව බලය දෙන්නේ නැහැ. මැයි මස 6 වෙනිදා නැවත වතාවක් NPP එක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඡයවේවා...!

:       13       7

ගුණරත්න Friday, 25 April 2025 05:40 PM

පුළුවන් තරම් පච ඇද බාලා මිනිස්සු අවුස්සලා අවුල් කරලා රට ගිනි තියලා කිසිම වැඩක් කරන්න නොදී බලය අරගෙන වැඩක් නැහැ ජනාධිපතිතුමා. තමුන්නාන්සේ බොරුකාරයෙක් කියල ඕනෑම මිනිහෙක් මූණටම කියාවි. එහෙම පිරිහිලා ඇති වැඩක් නැහැ...

:       0       1

Lalith Saturday, 26 April 2025 10:44 AM

අපිට වඩා හොඳට බොරු කියන්න කියලා කියන්නේ. මෙලොව කිසිම කෙනෙක් මෙයාලාට වඩා කෙප්ප ඇදබාන්න බැරි බව ලොක්කත් දන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 748 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 904 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site