
(ගයාන් සූරිය ආරච්චි)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
බොරැල්ල වෝඩ් පෙදෙස, කින්සි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ මාර්ගයට බර වාහන ඇතුල්වීම හෙට පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 දක්වා සීමා කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.
මෙම ජුබිලි මහෝත්සවය වෙනුවෙන් අග රදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක්ද ආරක්ෂාව සඳහා යොමු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොකටද ?මු කවුද
මහා මොලකරු හම්බුනා ද ?
ජේසු තුමා නිතරම කීවේ සරල ලෙස ජීවත් වෙන්න කියලා,ඒ නිසා විශාල උත්සව නොගෙන ඉතාමත්ම චාම් ලෙස මේ කටයුත්ත ඉටුකර රටවැසියන්ට ආදර්ශයක් දෙන්න.