
(අංජුල මහික වීරරත්න)
මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 -09-01 දින සිට 2025-12-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4 ක් මිල දී ගැනීම පිණිස ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 7 ක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සිංගප්පූරුවේ BB Energy Asia Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පූරුවේ බොරතෙල් ඇත්තෙත් නැහැ, ලංකාවේ ප්‍රධාන නගරයක් වගේ පුංචි රටක්, එහෙව් රටකින් තෙල් ගන්නවා කියන්නේ හොරකමක් - මීට ඉස්සර ජෙප්පෝ
ඕවා ගොඩක් එක ගනුදෙණුවක්, දෙකක් කරලා වහලා දාන නාමික සමාගම්. ශෙල් කම්පැනි. හොඳ ගාණක් රටෙන් කඩාගෙන, කාටහරි කොමිස් එකකුත් දීලා පලාගිහින් සතුටින් ඉන්නවා. ආයේ අලුතින් තව එකක් හදනවා තව ඩීල් එකකට...