(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
තලවකැලේ, ආගරපතන ප්‍රදේශයේ පිහිටි වතු දෙකක සිදු වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 13කු තුවාල ලබා අද (16) රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි වතු සේවකයෝ පවසති.
ආගරපතන හුට්වීල් හා ටොරින්ටන් යන වතුවල සේවය කරමින් සිටි වතු කම්කරු පිරිමි හා කාන්තාවන් පිරිසකට මෙම බඹර ප්‍රහාර එල්ල වී ඇත.
ඉන් තුවාල ලැබුව පිරිස් ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ඔවුන් කියති.
හුට්වීල් වතුයායේදී එල්ල වූ බඹර ප්‍රහාරයෙන් පිරිමි වතු කම්කරුවන් අට දෙනකු තුවාල ලබා ඇති බවත්, බඹරුන්ගේ දෂ්ඨ කිරීමෙන් හමුවේ ඉන් බේරීම සඳහා දිවයාමේදී පුද්ගලයන් තිදෙනකු ඇදවැටීම ලක්වීම හේතුවෙන් තුවාල ලබා ඇති බවත්, එයින් එක් පුද්ගලයකුගේ හිසට දැඩි ලෙස තුවාල සිදුව ඇති බවද වතු සේවකයෝ කියති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බඹර ප්‍රහාරයකින් 13ක් රෝහලට