
( රොමේෂ් මධූෂංක)
කිලිනොච්චිය, කන්නකිපුරම් ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි ගස් කිහිපයක බැඳ තිබූ ඹඹර කූඩු ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් පාසල් ළමුන් ඇතුලු 15 දෙනෙකුට දෂ්ඨ කිරීම නිසා ඔවුන් ධර්මපුරම් මූලික රෝහලට අද (29) ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
කන්නකිපුරම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි ගස් කිහිපයකම බඹර කූඩු බැඳ ඇති අතර පැවති වැසි හා සුළං තත්වයන් හේතුවෙන් මෙම කූඩු කැඩී බඹරුන් ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් අයට දෂ්ඨ කරන්නට ඇතැයි ප්‍රදේශවාසීන් පැවසූහ.
මෙහිදී කිලිනොච්චිය කන්නකිනගර් අම්බිකයි විදුහලේ පාසල නිම වී නිවසට යමින් සිටි පාසල් දරුවන් 09 දෙනෙකු සහ තවත් 6 දෙනෙකුට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ධර්මපුරම් රේහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවටද වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd