IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බඹරු ඇන පාසල් ළමුන් ඇතුලු 15 ක් රෝහලට

( රොමේෂ් මධූෂංක)

කිලිනොච්චිය, කන්නකිපුරම් ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි ගස් කිහිපයක බැඳ තිබූ ඹඹර කූඩු ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් පාසල් ළමුන් ඇතුලු 15 දෙනෙකුට දෂ්ඨ කිරීම නිසා ඔවුන් ධර්මපුරම් මූලික රෝහලට අද (29) ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.

කන්නකිපුරම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි ගස් කිහිපයකම බඹර කූඩු බැඳ ඇති අතර පැවති වැසි හා සුළං  තත්වයන් හේතුවෙන් මෙම කූඩු කැඩී බඹරුන් ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් අයට දෂ්ඨ කරන්නට ඇතැයි ප්‍රදේශවාසීන් පැවසූහ.

මෙහිදී කිලිනොච්චිය කන්නකිනගර් අම්බිකයි විදුහලේ පාසල නිම වී නිවසට යමින් සිටි පාසල් දරුවන් 09 දෙනෙකු සහ තවත් 6 දෙනෙකුට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ධර්මපුරම් රේහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවටද වාර්තා වෙයි.



අදහස් (0)

බඹරු ඇන පාසල් ළමුන් ඇතුලු 15 ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site