
(හැටන් රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (07) එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 09 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතු යායේ මෝරා කොටසේ තේ වත්තේ පිහිටි ගසක බැද තිබු බඹර කුඩු කිහිපයකින් එක් කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තේ වත්තේ වැඩ කරමින් සිටි තමන්ට පහර දි තුවාල සිදු කල බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd