(ප්‍රසාද් රුක්මල් )
පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී අද (20) එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි .
මෙම සිසුන්ගෙන් දැනට රෝහලේ නේවාසිකව සිසුන් 18 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් සෙසු සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් නිවෙස්කරා පිටවී ගිය බවද පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පියරත්න ඒකනායක මහතා පැවසීය .
පස්සර ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවත්වීමට මේ දිනවල කටයුතු සූදානම් වෙමින් පවතින අතර , අද (20) එහි පෙරහුරු වැඩසටහනක් පස්සර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd