IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බන්ධනාගාර රැදවියන් 58 ක් අතුරුදහන්

(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)

වටරැක බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදී කොළඹ වැඩබිම්වල වෘත්තිය පුහුණුව ලැබූ රැදවියන් මාලඹේ තලාහේන ප්‍රදේශයේ ඊයේ (9) විරෝධකරුවන්ට කොටුවීමෙන් පසු රැදවියන් 58 ක් අතුරුදහන් වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බන්ධනාගාරය රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන යටතේ කොල්ලුපිටිය, රාජගිරිය සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල රැඳවියන් 180 ක් සේවයේ යොදවා තිබූ බවත් ඔවුන් නැවත වටරැක බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී මාලඹේ තලාහේන ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කොටු වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම රැඳවියන් ‘ගෝටාගෝගම’ට ප්‍රහාර එල්ල කිරීමට යොදවාගත් බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙමින් තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම චෝදනාව ප්‍රතිකක්ෂේප කරයි.

කළහාකාරී සිද්ධියේදී විරෝධතාකරුවන් බන්ධනාගාර සිරකරුවන් බස්රථවලින් එළියට ගෙන ඔවුන්ට පහරදී එම සිද්ධිය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණී. එම වීඩියෝ පටවලට අනුව රැදවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ නම් ප්‍රකාශ කර තිබීම හේතුවෙන් එම නිලධාරීන්ට අපහාසයක් සිදුවූ බව කියමින් මෙම නිලධාරීන් ඇවන්ගාඩ් සමාගමේ සාමාජිකයන්ට බැණ තර්ජනය කරන වීඩියෝ දර්ශනයක් ද මේ වන විට අන්තර්ජාලයේ දක්නට ලැබෙයි. 



අදහස් (0)

බන්ධනාගාර රැදවියන් 58 ක් අතුරුදහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site