
(රෝෂන් තුෂාර)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේය.
විමර්ශන කටයුතු සිදු කරන හෙයින් ඇප සම්බන්ධයෙන් අද කරුණු සලකා බැලිය නොහැකි බව පෙන්වා දී ඇති මහේස්ත්‍රාත්වරයා හෙට දිනයේදී ප්‍රධාන මහේස්ත්‍රා තුමිය හමුවට සැකකරු ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කොට ඇත.
(ඡායාරූප: ඉසුරු පෙරේරා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලන්ගේ බූස්ටර් හොඳට සලකන්න...
මේ සියල්ලට මුල මේ අයට ලැජ්ජාවක්, බයක් නොමැති වීමයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්. ලැජ්ජයි හලෝ. ඔය ටයි එකෙන් ගහගන්නවා අමුඩයක්.
අනුර කුමාර ඩීප්ස්ටේට් එක හඳුනා ගනිමින් සිටී. මේ පාර රාජ්‍යයට බැට දෙමු.
සිරකරුවෝද මනුෂ්‍යයෝය ,හොඳින් සලකන්න
දැන් රෝහලට...!
ජනාධිපති සමාවක් නොලැබූ සිරකරුවෙකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2025 ජුනි 9 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් තුෂාර උපුල්දෙණිය මහතා 2025 ජුනි 10 වැනිදා (අද දිනයේ) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. අදාළ නඩුව විභාග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින්, උපුල්දෙණිය 2025 ජුනි 11 වැනිදා දක්වා කොළඹ බන්ධනාගාර තුළ රිමාන්ඩ් කිරීම සඳහා නියෝගය ලබාදී ඇත. කෙසේ වෙතත් බන්ධනාගාරයට පැමිණි පසු ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එකදු විනාඩියක්වත් නොසිට වහාම බන්ධනාගාර රෝහල වෙත ඇතුල් කර ඇත. මේ සඳහා බන්ධනාගාර වෛද්‍යවරයා සම්බන්ධ වී ඇත. මේ බන්ධනාගාර වෛද්‍යවරුන් ඉතාමත් තක්කඩි විදියට අතයට ගනුදෙනු මත ක්‍රියාකරන්නේ අද ඊයේ නොවන බව බොහෝ මාධ්‍යවාර්තා මගින් අපිට බොහෝ කාලයක සිට වාර්තා මගින් අප දැනුවත් වී ඇත. මෙලෙස උපුල්දෙණිය බන්ධනාගාර රෝහලට ඇතුළු වූ වහාම බන්ධනාගාර රෝහලින් අතුරුදහන් වී ඇත. උපුල්දෙණියගේ සහෝදරයා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියායි...