
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් අත්විලංගු ජෝඩුවක් මහනුවර ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතනයක් තුළ දමා ගොස් තිබූ බෑගයක් තුළ තිබී හමු වි ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
එම අත් විලංගු ජෝඩුවෙහි ඉංග්‍රීසියෙන් department of prison ns -3000 හා 150843 ලෙස අංකයක් සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මහනුවර දළදා වීදියේ පිහිටි එම නිවාඩු නිකේතනයේ දමා ගොස් තිබූ බෑගයක් තුළ තිබී මෙම අත් විලංගු ජෝඩුව හමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ආයතනය පිරිස් කළමනාකරු විසින් මහනුවර විශේෂ කාර්යාංශය දැනූවත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක රැඳෙවියන් ගැන දුක හිතිලා ආතතිය මගහැර ගන්න නිවාඩු නිකේතනයට යන්න ඇතිනේද?
හිර කාරයෙක් සැප ගන්න ඇවිල්ලා වගෙයි...!
කාමරයේ ලැගුම්ගත් අයගේ විස්තර අරන් ප්‍රශ්න කළානම් හොයාගන්න පුළුවන් වේවි.