
(අංජුල මහික වීරරත්න)
ශ්‍රෝණි මේඛලාවෙන් (Pelvic Girdle) සම්බන්ධ වී උපන් බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කිරීමේ සංකීර්ණ ශල්‍යකර්මය කළ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත (ශික්ෂණ) ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෞරවය හා ප්‍රණාමය පුද කිරීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම ශල්‍යකර්මයට නායකත්වය දුන් විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය එම්. හෙට්ටිආරච්චි මහතා ඇතුළු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, නිර්වින්දන විශේෂඥවරුන්, ළමා රෝග විශේෂඥවරුන්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්, වකුගඩු බද්ධ කිරීමේ විශේෂඥවරුන්, විකිරණවේදීන්, හෙද නිලධාරීන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත බහුවිෂයීය කණ්ඩායම වෙත සිය ගෞරවය හා කෘතවේදීත්වය පළකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම සුවිශේෂී ජයග්‍රහණය මෙරට නිදහස් සෞඛ්‍ය සේවා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන සන්ධිස්ථානයක් බව අවධාරණය කළේය.
2021 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ මවකගේ කුසින් සිසේරියන් සැත්කමක් මඟින් බිහි වූ මෙම බද්ධ නිවුන් දියණියන් දෙදෙනා ශ්‍රෝණි ප්‍රදේශයෙන් එකිනෙකාට සම්බන්ධව උපත ලබා තිබූ අතර, ඔවුන්ගේ අභ්‍යන්තර අවයවද ඉතා සංකීර්ණ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd