
(හේමලතා ඩී. හේවගේ සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
බඩල්ගම බියරස්ට් වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවේ බොයිලේරුවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එය පුරා ගොස් ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
මෙම පිපිරීමෙන් එක් අයකු මිය ගොස් 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බඩල්ගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පහළ ගිරිවුල්ල පහළ නාරංගමුව ප්‍රදේශයේ පදිංචි ජී. එම්. එන්. කුලතුංග නමැති 52 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි.
තුවාල ලැබූ සෙසු පිරිස පිරිස මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


------------------------------------------------------------------
(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පෙරදින රාත්‍රී ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
තුවාල කරුවන මීගමුව සහ කොළඹ රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd