
යුක්රේන යුද්ධයේ දී රුසියාවට පූර්ණ සහාය ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරටට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත. මෙය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි කනස්සල්ලට හේතුවක් වී තිබේ.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මේ අයුරින් උතුරු කොරියාවට පැමිණියේ වසර 24 කට පසුවය. උතුරු කොරියා නායකයාගෙන් රුසියන් ජනාධිපතිවරයාට ‘රතු පලස’ පිළිගැනීමක් හිමිවිය. රුසියන් ජනාධිපති පුටින් වැලඳ ගනිමින් සුබ පැතීමට ද කිම් ජොන් උන් අමතක නොකළේය.
රුසියයන් යුක්රේනය හේතුවෙන් රුසියාවටත්, න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් උතුරු කොරියාවටත් ඇමෙරිකාවෙන් සම්බාධක පැනැවීම් සිදු වී ඇත. යුක්f්න යුද්ධයේදී රුසියානු හමුදාවට අවශ්‍ය වෙඩි උණ්ඩ සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා රුසියාව උතුරු කොරියාවෙන් ලබා ගන්නා බවටත්, ඒ වෙනුවෙන් උතුරු කොරියාවට අභ්‍යවකාශ තාක්ෂණය රුසියාව ලබා දෙන බවටත් ඇමෙරිකා බුද්ධි අංශ චෝදනා නගා ඇත.
COMMENTS
එක්සත් රුසියාව බිඳ හෙළලා දැන් ඔවුන් ඔවුන් අතර යුද්ධයක් අවුලවලා රුසියාව වට්ටන්න දඟළන බටහියන්ට හරි දුක ඇති.
මේක පුදුම කතාවක්.. බොහෝ බටහිර රටවල් යුක්රේනයට දෙන්න පුළුවන් හැම දෙයක්ම දෙනවා. පුටින්ට උතුරු කොරියාව උදව් කරනවා කියපු ගමන් බටහිර රටවල් බයවෙලා.
පුටින් වෙන කාගෙන් උදව් ගන්නද?
බටහිර වැඩක් නෑ උතුර කොරියාවයි දකුණු කොරියාවයි තනි රටක් වෙච්ච දවසට ආසියාවේ තුන්වන බලවතා වෙන්න පුළුවන්. අනිත් එක ඉන්දීයාව- පකිස්ථානය එකතු වුනා නම් ලෝකයෙම බලවතා වෙන්න පුළුවන් ඔය ඔක්කෝම බටහිර කුමන්ත්‍රණ තමයි. හැබැයි විමල් වීරවංශ කියනවා වගේ ලංකාවට නම් එහෙම නෑ අපේ උන්ගෙම කුමන්ත්‍රණ හින්දා තමයි රට බංකොලොත් වුනේ.