IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බෝගම්බර බන්ධනාගාර ඉඩමට ආයෝජන යෝජනා කැඳවයි

(අංජුල මහික වීරරත්න)

මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාල පරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ. 

ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි සංස්කෘතික භා සංචාරක ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මූල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ඉඩම අවුරුදු 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

බෝගම්බර බන්ධනාගාර ඉඩමට ආයෝජන යෝජනා කැඳවයි

Hasith Tuesday, 03 June 2025 01:40 PM

මේකේ බැම්ම තව ටිකක් ඇතුළට කරලා හැදුවොත් , මාළු මාකට් එක ලඟ තියෙන අධික මාර්ග තදබදයට විසඳුමක් වේවි . මේ ගැනත් හොඳින් කල්පනා අකරලා බලන්න .නිරපරාදේ මිනිසුන් රස්තියාදු වෙනවා නගරයේ මාර්ග තදබදය නිසා. ඇතුළේ කිසිම වැඩක් නැතුව, ගොඩනැගිලි වටකරන් ඉන්නවා."

:       1       7

කව්ද බෝයි Tuesday, 03 June 2025 02:49 PM

ඉස්සරහට බෝගම්බර යන්න කට්ටිය ඕකෙ ආයෝජනය කලොත් හොඳ නැද්ද? හොරකං කරලා මඩි ගහගෙන ඉන්න කළු සල්ලි සුදු කරගන්න හොඳ අවස්ථාව.

:       2       6

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 03 June 2025 03:35 PM

ඔන්න ඕක තව අවුරුදු 4ක් ඔහොම්ම තියෙන්න හරින්න. කන්ටේනර් 323ක් පුරවලා උද්දච්ච කුහක මලිමා ආණ්ඩුවේ පචෝරිස්ලා සෙට් එක ගෙනෙල්ල දාන්න, පංකාදු තැන ! ඔයහරියේම මුන්ට චන්දෙ දීපු හරක් ටික දිගේලි කරන්න, තණකොළ ටිකක් දැන්ම ඉදන් වැව්වානම් !

:       20       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site