
(සුජිත් හේවාජුලිගේ)
බැඳුම්කර සිද්ධියට සුදු හුණු ගෑමට සහ එහි තොරතුරු වසන් කිරීමට මත්පැන් සමාගමකින් කෝටි ගණනින් මුදල් ඇතුළු විවිධ වරදාන ලබාගත් බව පැවසෙන හිටපු සහ වර්තමාන මන්ත්‍රීවරුන් දස දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ පිරිස අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුල් වකවානුවේදී බැඳුම්කර සිද්ධිය දැඩිව විවේචනය කර ඇති නමුත් මත්පැන් සමාගමෙන් මුදල් ඇතුළු විවිධ වරදාන ලබා ගැනීමෙන් පසු එලෙස විවේචන කිරීම අත්හැර දමා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත
මත්පැන් සමාගමෙන් එම මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇතැයි පැවසෙන චෙක්පත් ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් සොයාගෙන ඇත. එම චෙක් පත් පිළිබඳ පරීක්ෂණ මෑතක සිට අලුත් වටයකින් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
බැඳුම්කර සිද්ධිය පිළිබඳව මුලින්ම විමර්ශන පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසිනි.
ඔහු එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු එකී විමර්ශන අඩපණ වූ අතර අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පසුගියදා නැවත පත්කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දමන අමුතුම ක්‍රමයක්... මේ අයට පිස්සු හැදීගෙන එනවා. 3% සීමාවට දැන් ළඟාවෙමින් ඉන්න බව දැනගෙන...
කොහොමද ඒක? මේ යන විදියට ඇතුළට යන්න කලින් හාර්ට් ඇටෑක් වලින් කට්ටිය යන සීන් එකක් තියෙන්නේ..!
බොහොම හොඳයි... ශානි අබේසේකර මහත්තයාට පුළුවන් අලගිය, මුලගිය තැන් හොයන්න, අර අලි ටෝක්ස් දෙන, මම සුදනා කියන සුඡීව සේරසිංහට මෙන්ඩිස් සමාගමෙන් ලැබුණු චෙක් ගැණත් පසුගිය දවස්වල ඇහුණා, අබේසේකර මහතාණෙනි, මේ පට්ට හොරුන් අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න...
ඔක්කෝටම කළියෙන් මහා දවාලේ, රටේ මහා බැංකුවට කෙළින්න සිංගප්පුරුවෙන් අර්ජුනයාව ගෙන්නපු අජූතක බමුණව හිරේට දක්කලා ඉන්න ඕනෑ.
බැදුම්කරේ රකින්න පොත් ලිව්ව සූජිව, විතරක් නොවෙයි, ෆුට් නෝට් දැම්ම හර්ෂ, අජිත්, හර්ෂණ, වසන්ත අශෝක හෙක්ටර් වගේ අයත් ලැහැස්ති වෙලා ඉන්න තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න.
රටේ ආර්ථිකය මැරූ මිනීමරු ජවිපෙට කඩේ යමින් සුදුහුණු ගාන 68 ලක්ෂයට ප්‍රශ්ණයක් නැත්නම් ඕනෑ දෙයක්...
කන්ටේනර් 323 පන්නපු හොරු පස්සේ පන්නන්නේ කවද්ද?
දී කිරිවලට සාක්කි දීපු බලලුණ්ටත් හරි වැඩක් තමයි වෙන්න යන්නේ.