
(ඉන්දිකා රාමනායක)
ඉන්දුනීසියාවේදී පසුගියදා අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයන් අතර සිටි "බැකෝ සමන්" නමැත්තාට අයත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මින් එක බස් රථයක් සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා කටුනායක පිහිටි පෞද්ගලික සමාගමකට ලබාදී තිබියදී පොලිස් බාරයට ගෙන ඇත.
සෙසු සුඛෝපභෝගී බස් රථය මොණරාගල - කොළඹ ධාවනයට යොදවා ඇති මගී බස් රථයක් බවත් එය සිය ගමන්වාරය සඳහා පිටකොටුව පෞද්ගලික බස්නැවතුම්පලේ නවතා තිබියිදී පොලිසිය භරයට ගෙන ඇත.
මෙම බස් රථ දෙකම වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් බැකෝ සමන් මිලදීගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැකෝ සමන්ගේ බස් දෙකක් අල්ලයි
Ranjith P.Perera Friday, 24 October 2025 09:55 AM
නීති විරෝධී ව්‍යාපාර පිළිවෙත් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයා ගත් වත්කම් විමර්ශනය කර රාජසන්තක කරන්න. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සත්‍යයකි, උගත් පුද්ගලයින් ඉඩම් මිලදී ගැනීමට සහ ඔවුන්ගේ පවුල් සඳහා නිවාස ඉදිකිරීමට හෝ නිවාස ණය ගෙවීමට මුදල් ඉතිරි කිරීමට තම මුළු ජීවිත කාලයම වෙහෙස මහන්සි වී වැඩ කරන බව. කෙසේ වෙතත්, 1977 සිට, මත්ද්‍රව්‍ය ජාවාරම වැනි නීති විරෝධී ව්‍යාපාරවල නියැලී සිටින නූගත් පුද්ගලයින් සැලකිය යුතු ධනයක් රැස් කර ගැනීමට සමත් වී ඇති අතර, බොහෝ විට නීති විරෝධී ක්‍රම හරහා වසර කිහිපයක් ඇතුළත සුඛෝපභෝගී දේපළ අත්පත් කර ගනී. මෙය නීති විරෝධී ක්‍රියාකාරකම් ඇතුළුව අවශ්‍ය ඕනෑම ක්‍රමයකින් ජීවිතයේ සාර්ථකත්වය අත්කර ගත හැකි බවට උගත් පුද්ගලයින්ගේ දරුවන් අතර මතයක් නිර්මාණය කර ඇත.