
(ටී.කේ.ජී.කපිල)
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත් අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (29) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ .
සජිකා ලක්ෂානි පත්තිනිගේ (30) සහ 03 හැවිරිදි දියණිය මෙසේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ .
එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් යානය වෙත ගොස් ඇය සහ දරුවා අත් අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පමුණුවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ප්‍රකාශ සටහන් කර ගැනීමට භාර දී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ එක්ක ලැග්ගොත් කිනිතුල්ලෝ එක්ක නැගිටින්න වෙන්නේ. බූරු පොලේ නිකන් බලන් හිටියත් ඇති තොප්පිය වැටෙන්න.