
(ඩී.ජී. සුගතපාල)
නාගොඩ කැප්පිටියාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටි ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු අද සවස මියගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අයි.ඩී.ගාමිණි සරත් කුමාර නමැති 44 හැවිරිදි බැංකු කළමනාකාරවරයාය.
ඔහු මෝටර් රථය පදවාගෙන එමින් සිටියදි පාලමෙන් ඇළට වැටි ඇති අතර පසුව ප්‍රදේශවාසින් එක්ව ඔහු ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් රෝහල වෙත යවා ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සාතිශය සංවේගය. ඒ මහතාගේ පවුලේ අයට සහ ඇල්පිටිය මහජන බැංකු ශාඛාවේ කාර්යමණ්ඩලයට සැල කරමි. අනුරුද්ධ ලියනගේ ඇල්පිටිය ශාඛාවේ 1975 සිට 1978 දක්වා හිටපු කළමනාකරු
තාක්ෂණය කොච්චර දියුණු වුණත් වතුරකට වහනයක් වැටුනොත් ඉවරයි.ඒකට විසඳුමක් නෑ තවම. ඔබතුමාට නිවන්සුව පතමු.!
නිදිමතේ වාහනය එලෙව්වාද ? එහෙමත් නැතිනම් හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අනතුර සිදු වුණාද? බොහෝම කණගාටුදායක මරණයකි.
කරපු සුනඛ වැඩවල හැටියට ඔහොම නොවුන නම් තමයි පුදුම.
මොකද නුවන්, රාජ්‍ය දේපළ මංකොල්ල කාලාද? ඔච්චර ශාප කරන්නේ
රූපංජීරති මච්චානං නාම ගොත්තන් නජීරති... අප අතරින් හදිසියේ වියෝවූ අයි.ඩී.ජී.එස් කුමාර මහත්මාට නිර්වාණ ශාන්තියම උදාවේවා...! එතුමන්ගේ හදිසි අභාවයෙන් සංවේගයටපත් පවුලේ ඥාති සහ හිතමිතුරන් හට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු.