
(යොහාන් භාසුර)
විදුලිය ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට අද (12) පැවසීය.
එම ඉහළ ගිය විදුලි ගාස්තුව නිෂ්පාදන පිරිවැයට එකතු වුවද මේ අවස්ථාවේදී එයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ අදහස් නොමැති බවත් එවැනි මිල ඉහළ දැමීමක් නොකරන ලෙස බේකරි හිමිකරුවන්තෙගන් ඉල්ලා සිටින බවත් ජයවර්ධන මහතා කීය.
පාරිභෝගික ජනතාව පවසන්නේ බේකරි නිෂ්පාදකයන් හොර රහහසේ ජනතාවට නොදැනෙන සේ මෙවැනි අවස්ථාවල සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බවත් පාන් මිල ඉහළ දැමුවහොත් මිල ඉහළ දැමුවේ යැයි හෙළවන නිසා පාන් මිල දැනට පවතින මිලේම තබා ගන්නා බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහල ගියාද ?ජනතාව රවට්ටන්න එපා
20% කින් අඩු කර වෙලාවෙ කීයකින් අඩු කලාද , එහෙම ගනන් බලල කීයක්හරි වැඩි කරගන්න. නිකන් පාඩු ගන්න එපා, පිටි මිල ගෑස් මිල තෙල් මිල අඩුවෙන හැම වාරයක් පාසාම අඩුකරල අඩු කරල සෑහෙන්න අමාරු ඇති.