
(සුජිත් හේවාජුලිගේ )
සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව ලබන 29 වැනිදාට පෙර ආණ්ඩුව එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා ගත යුතුව ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හැක්කේ එම එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කැඳවා ගතහොත් පමණක් බව එම පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අග සිදු කරන බවයි.
ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 ත් අතර කාලයකදී ඔහු ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
ජයග්‍රහණය කරයි මෙන්න කියලා...
සති දෙකෙන් භීෂණයක් මවන්නම් කිව්වද? නැතිනම් මැතිවරණ කොමසාරිස්ට වැඩක් දෙන්නම් කියලා කිව්වද?
රනිලුත් පරාදයි. පොහොට්ටුවත් ඉවරයි. ඔය ඔක්කොම හොරු.
පොදු පෙරමුණේ අපේක්ෂකයා රනිල් තමයි .
පොදුපෙරමුණට ඡන්දෙ දෙන්නේ ඉතින් බයියෝ විතරයි... රට නන්නත්තාර කරපු එක ජනතාවට අමතකයි කියලා හිතුවද?
තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා...
රට කෙරුවා ඇති, මේ කරපු වැඩ-එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි...
මාලිමාවට ජයවේවා