
(ලක්මී කුඩලිගම)
සිය බිරියද හවුල්කරගනිමින් නිවසේ පවත්වාගෙන ගිය බූරුපොළට පොලිකරුවකුගෙන් ලබාගත් මුදල වෙනුවට තම පාසල් යන 16 හැවිරිදි දියණිය විකිණු බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලීසියේ ළමා කාන්තා කාර්යංශය කියයි.
අගලවත්ත ප්‍රදේශයෙ පදිංචි මෙම දැරිය පොලීමුදලාලි වසරක පමණ කාලයක සිට අතවරයට ලක් කර ඇතැයිද පොලීසිය කියයි.
පොලීමුදලාලි රහසේ සිසුවියට ලබා දී තිබු ජංගම දුරකතනයක් පුංචි අම්මාට හසුවීමෙන් පසු මෙම අපරාධය හෙළි කරගෙන තිබේ.
දැරිය මාමා අතින්ද මීට වසර දෙකකට පෙර දුෂණයට ලක්වී ඇතැයිද පොලීසිය කියයි.
සැකකාර පියා ඊයේ (30) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු මාමා සහ පොලී මුදලාලි ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
දියණියන් දෙදෙනකුගේ මවක හා පියකු වන සැකකාර පියා තම නිසසේ කාලයක් තිස්සේ රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් තිබු අතර කලවාන ප්‍රදේශයේ 38 හැවිරිදි විවාහක පුද්ගලයකු මෙම සූදුපොලට මුදල් පොලීයට දිමට විටින් විටමෙම නිවසට පැමිණ තිබේ.
සැකකාර පියා බූරුවා ගැසීමට පොලීමුදලාලිගෙන් ලබාගත් මුදල් ගෙන ඒ වෙනුවට තම දියණිය ලිංගික කටයුතු සඳහා යොමුකර ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.
මෙමඅපරාධය සඳහා මවගේ කිසිදු අනුමැතියක් ලැබී නැතයි ද පොලීසිය කියයි.
COMMENTS
දියණියන් දෙදෙනෙකුගේ මවක හා පියෙකු වන සැකකාර පියා කිව්වාම මිනිහා ගෑනියෙක්ද? නැත්නම් මිනිහෙක්ද කියලා තේරුම් ගන්න බැහැ අප්පා...
නමුත් ඔය පැතිවල එළිවෙනකන් පිරිත් සහ බණ යනවා.. මරු බෞද්ධ රටක් තමයි මේක...
මේ ආණ්ඩුව කරෙත් ඕකම තමයි මේ රටේ ඉන්න මිනිසුන්ට...!
පොඩ්ඩක් හොයලා බලන්න තාත්තා රනිල්ගේ අනුගාමිකයෙක්ද කියලා...
තාත්තෙක් නෙවෙයි තිරිසනෙක්... මාමා අසහනකාරයෙක් වෙන්ඩැති. මේ වගේ අයට රජකාලේ දඬුවම් තමයි දෙන්න ඕනේ...
දරුවන් අනාරක්ෂිත කරපු මේ වගේ අය දෙමව්පියන්ද? කෙසේ වුණත් දැඩි නීති තුළින් දරුවන් ආරක්ෂා කරගත යුතුයි. මේ විනාශ වෙන්නේ රටේ අනාගතයයි. මේ අපරාධවලට අපි හැමෝම වගකිව යුතුයි.
මරණ දණ්ඩනය නැති කරපු දා සිට තමයි මේ රටට මෙහෙම ඛේදවාචක දේවල් විඳින්න සිදු වුණේ. ධර්මිෂ්ඨ රජයක් කරලා අපිට ලැබුණු සෙතක් නැහැ...
බොහෝ කාලයක් නිවසෙහි මෙවැනි දෙයක් කිරීමට ආධාර, අනුබල දීමේ චෝදනාව යටතේ දැරියගේ මවත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. ඇය මෙවැනි දෙයකට අකැමැති නම් පොලිසියට රහසේ ඔත්තුවක් දෙන්න තිබුණා..