IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පොල්ගෙඩි 20ක් හොරා ගත්තාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක්

ටෝනි කරුණානායක

දිවුලපිටිය , කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවකුට එක් චෝදනාවකට මාස තුන බැගින් චෝදනා දෙකට බරපතල වැඩ ඇතුව එක් වසරක සිරදඬුවමක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය නියම කළාය .

චුදිතට පෙර වැරදි නොමැති බවට ඇගිලි සටහන් වාර්තා අනුව සනාථ වී ඇති හෙයින් නියම කළ බරපතළ වැඩ ඇතිව එක් වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කළාය.

එම වසර දහය යහපත් කල් ක්‍රියාවෙන් ගෙවන ලෙසට චුදිතට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි. දිවුලපිටිය , කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සුමිත් රංජිත් ජයලත් නැමැති එක්දරු පියකු ට මෙසේ අත්හිටවූ සිර දඬුවම් නියම කෙරුණි.

චුදිතයා 2021 වර්ෂයේ ජනවාරි මස 31 හෝ ඊට ආසන්න දිනයකදී දිවුලපිටිය ,කෙහෙල්ඇල්ලේදී ඉහත චෝදනා සිදු කර තිබූ බවට අධිකරණයේ දී සදහන් විය .

 



අදහස් (15)

පොල්ගෙඩි 20ක් හොරා ගත්තාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක්

චුදිත වික්‍රමනායක Friday, 26 May 2023 07:32 AM

මේ වගේ සාහසික අපරාද කරන එවුන් එල්ලන්න තමා තියෙන්නෙ! මිනී මැරීමක් හරි, කුඩු වික්කා වගෙ පොඩි අපරාධයක් කරා නම් අවවාද කරලා නිදහස් කරන්න තිබ්බා. පෙර වැරදි නැහැ කියන එකත් අවුල්

:       0       24

Malika Friday, 26 May 2023 08:01 AM

පව්. අර දියවන්නාවේ හොරු හොරකම් කරන ඒවා මුළු රටම දන්නවා. දඩුවම් නැත. අර රත්තරං ගෙනාපු එකාට ඇප. බැංකු හොරකමේ මහ මොලකරු රටේ ජනාධිපති. මේ රටේ නම ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ශ්‍රි ලංකාවයි.

:       0       19

ලුම්බිණි Friday, 26 May 2023 08:33 AM

රත්තරන් කිලෝ 3ක් හොරකම් කළා නම් දඩේ විතරයි.

:       0       29

චන්න Friday, 26 May 2023 08:38 AM

රුපියල් 1200/- ට වසරක සිර දඩුවම් නම්, මහා බැන්කු කොල්ලයට සතර වර්ගයාම නිවන් දක්නා ජාති දක්වා බරපතළ සිර දඩුවම් දිය යුතුව ඇත.

:       0       26

සුරවීර Friday, 26 May 2023 01:32 PM

චන්න ඔහේ නොදන්නාකමට ඔහොම කියන්න එපා. අපි හොඳින්ම දන්නවා එහෙම හොරකම් කරන අයගේ රැකියාව ඒකම තමයි. ඒ අතරේ සමහර ගමේ ඉන්නවා එහෙම හොරෙක් එයාගේ අප්පා කලින් ඒක කළේ ඊට පෙර අප්පගේ අප්පත් කළා කියලා තමයි කියන්නේ තවත් එකක් ඒ ගමේ මිනිස්සු ලාබෙට පොල් පුවක් ගෑස් සිලින්ඩර ලී බඩු ආදී මෙකී කියූ නොකී දේවල් මේකට කියලා ගෙන්නා ගන්නවා අහවල් ඉඩමේ පොල් තියෙනවා පුවක් තියෙනවා. හොඳ කෙසෙල් කැනක් තියෙනවා... අහවල් තැන අහවල් බඩු තියෙනවා. ගෙනත් දුන්නොත් සල්ලි දෙන්නම් කියලා කටයුතු කරනවා උසාවි ගෙනගියොත් කවුරු හෝ ඇපදීලා එදාම වගේ ආපසු එනවා... එයාට මෙහෙම දඬුවමක් දුන්නොත් කරපු හොරකම් හැටියට අවුරුදු දාහක්වත් අත් හිටවූ දඬුවම් දෙන්න වෙනවා. තුවාලයක් තියෙන එකා තමයි චන්න ඒකෙ වේදනාව දන්නේ කියලා තේරුම් ගන්න බලන්න... මේවා ඉතින් 1948 සිට පැවැති රජයවල් වලත් වැරැදි තමයි.

:       0       5

කුමාර Sunday, 28 May 2023 07:25 AM

එච්චර කාලයක් නම් වැඩියි.

:       0       0

Chamila Friday, 26 May 2023 09:14 AM

ඇලි සබිර් ගොල්ඩ් කිලෝ ගනනක් හොරෙන් අරන් ඇවිල්ල , පහුවදා පාර්ලිමේන්තු එකටත් ගිය ණිතිය කාටත් එකයි ද ?

:       0       13

thilakFriday, 26 May 2023 10:28 AM

MOG! කෝටි 9ක් කොල්ල කාපු කෙනාට කෝටි 0.75ක දඬුවමක්. මේ සගයා පොල් ගෙඩි 20ක් මංකොල්ලකෑවේ හිරගෙදරට.....................

:       2       7

චන්න ජයසුමන Friday, 26 May 2023 10:04 AM

මෙ වගෙ සාහසික අපර්ද කරන එව්න් එල්ලාන්න තමා තියෙන්නෙ! මිණි මැරිමක් හරි, කුඩු වික්කා වගෙ පොඩි අපරදක් කරා නම් අවවාද කරලා නිදහස් කරන්න තිබ්බා. පෙර වැරදි නහ කියන එකත් අව්ල්.

:       1       10

prasanna Friday, 26 May 2023 11:26 AM

ලමා අපචාරයෙ යෙදෙන උන්ට,මිනි මරුවන්ට, කොටි ගැන වංචාකරන උන්ට නම් , අප පිට මුඩ හරෙ, මෙම් අපරාද කරුවන්ට දෙන ලිහිල් දඩුවම් නිසා තම අද මෙ අපරද රැල්ලට මුල. කැකිල්ලෙ රජුගෙ නඩු තීන්දු.

:       0       4

අබරන් ඇතා Friday, 26 May 2023 11:49 AM

අර පර්ල් එක්ස්ප්‍රස් නැවේ නඩුව සිංගප්පූරුවල දැම්මේ ඇයි කියලා දැන් කාටත් වැටහෙනවා ඇති නේද?

:       0       6

ලොකූ විජේ Friday, 26 May 2023 11:57 AM

ලොකූ වත්තකින් මනුස්සයෙක් කොස් ගෙඩියක් හොරකම් කෙරුවා කියලා නඩුවක් ගියා. වැරැදිකරු මාස 3ක්‌ හිරේට ගියා. නඩුකාරතුමා කීවා හොරකමට දඬුවම මේක කියලා. නමුත් මෙයාගේ දරුපවුලට මේක අදාල නෑ. මෙයාගේ දරුපවුලට මාස තුනක වියදම කොස්ගෙඩියේ අයිතිකරුට බාරකෙරුවා...

:       0       10

mahinda Friday, 26 May 2023 12:40 PM

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුණානම් නිදහස් ඔය පළාතේම එක් මන්ත්‍රීවරයකු තම අමාත්‍යංශයේ ලේකම්වරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී අත පය කඩන බවට තර්ජනය කර පුද්ගලික ඉඩමක් රජයේ මුදලින් ගොඩකර ඊට අධිකරණයේ වරද කරුව දඩමුදල්ද හිමිව එම නඩුව අභියාචනා කිරීම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ...

:       0       1

SHIRAZ Friday, 26 May 2023 02:04 PM

මහබැංකුව හොරාකාපු අය නිදැල්ලේ... ලංකාවේ බල්ලට ගිය නීතිය තියෙන්නේ...

:       0       1

ගමේ එකාලා Friday, 26 May 2023 08:47 PM

සුනාමියෙන් හොරාකාපු අයට අවුලක් නැහැ. පවුලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු දූෂිත දේශපාලුවන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 84 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 531 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 3570 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1765 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 872 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1035 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 899 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1412 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 363 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site