IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙට මහ පිරිසක් පස්ස ගහලා



(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින්  අපේක්ෂකයන්  ලෙස තරඟ වැදීමට   මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් බොහෝ දේශපාලන පක්ෂ වලට සහ ස්වාධීන කණ්ඩායම් වලට අපේක්ෂකයන් තෝරා ගැනීම මෙවර ලොකු අභියෝගයක්වී තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් දේශපාලන පක්ෂ වලට ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමට පවා නොහැකි වී ඇත්තේ මේ තත්වය  හේතුවෙන් බව දැනගන්නට ඇත.

මේ තත්ත්වය යටතේ සමහර  අපේක්ෂක  ලයිස්තු කඩිමුඩියේ සකස් කිරීමට සිදුවීම නිසා ඇති වූ අඩුපාඩු හේතුවෙන්  ඒවා ප්‍රතික්ෂේප කෙරුණු බව දිස්ත්‍රික් තේරීම්බාර  නිලධාරීහු පෙන්වා දෙති.

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් සූදානම් කර ගැනීමට මේ මන්දෝත්සාහි තත්ත්වය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ  ආසන සංවිධායකවරුන්ට මෙවර දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවද වාර්තාවේ.

 



අදහස් (10)

පුංචි ඡන්දෙට මහ පිරිසක් පස්ස ගහලා

ලක්විදු Sunday, 23 March 2025 12:07 PM

මදැයි එක කතිරයක මහිමය..!

:       6       26

Nalaka Sunday, 23 March 2025 12:38 PM

හොරු ලොවෙත් පරදින බව දන්නවා...

:       5       26

Ashani Lawrence Sunday, 23 March 2025 02:57 PM

වැඩ කරන මිනිස්සුන්ට හොරා කියලා පටබැඳලා අපහාස කරන කොට කයිය විතරක් ගහපු ගහන එවුන්, කවුරුවත් ඉදිරිපත් වෙන්නෑ...

:       7       13

PGPThilak Sunday, 23 March 2025 01:02 PM

හොරා කෑමට අමාරුයි කියල දැණුනාම කවුරුවත් එන්නේ නැහැ...!

:       4       27

ප්‍රියන්ත Sunday, 23 March 2025 01:11 PM

රට ගැන පුදුම රුදාවක් තිබෙන, (විවිධ නම් වලින් පෙනී සිටින), යොගා, ගුණරත්න, රම්බොඩ, මැක්ස්..., අනේ ඇයි ඔබලා මෙතැන බොරුවට පොර ටෝක් දිදී නිකං කාලෙ කන්නේ නැතිව, රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් ඔබලා නියෝජනය කරන පක්ෂය වෙනුවෙන් ඉල්ලුවේ නැත්තේ…?

:       1       21

ashani Lawrence Sunday, 23 March 2025 02:54 PM

පොලිටික්ස්, ඒ කාලේ වැදගත් රස්සාවක්. දැන් ඒකට ඩිමාන්ඩ් එකක් නෑ.

:       0       8

Ashani Lawrence Sunday, 23 March 2025 02:58 PM

බල්ලෝ බලල්ලු වගේ මිනිස්සු මහ පාරේ මැරෙන කොට කාටද රිස්ක් එකක් ගන්න ඕනෑ...

:       12       9

සෙනෙවිරත්න Sunday, 23 March 2025 04:17 PM

බයවෙන්න එපා සත්තු මරන්නේ නැහැ. ඒ තරමට පාතාලේ පහතට වැටිලා නැහැ. හැබැයි පාතාලෙත් එක්ක ගනුදෙනු කරලා දැන් පස්ස ගහන අයට තමයි ඔය බය...

:       5       5

සෙනෙවිරත්න Sunday, 23 March 2025 04:24 PM

මේ පාරත් හේදෙනවා හේදිල්ලක් ලොවෙත් නැතුව...

:       3       11

ගුණරත්න Monday, 24 March 2025 11:26 AM

ඡන්ද වැඩ වලට වියදම් කරන සල්ලි පෙන්වන්න, සීමාවක් පනවන්න, මැතිවරණ දූෂණ නවත්තන්න මේ ඔක්කොම ප්‍රගතිශීලී දේවල් කලේ යහපාලන ආණ්ඩුව. එකත් රනිල් තමයි කලේ. රනිල්ලා ඒ වගේ ප්‍රතිසංස්කරණ ගෙනාවේ නැත්නම් මාලිමාවුන්ට නකුට දෙපරංශයේ ගහගෙන ඉන්න නාටු බල්ලන් වගේ තමයි ඉන්න වෙන්නේ. ඒ ප්දැ‍රතිසංස්න්කරණ වලට පින්සිදුවන්න බල්ලොත් ඊනියා සිංහයෝ වෙලා.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 189 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1145 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site