
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
මේ තත්වය මත ඡන්දය ප්‍රකාශ වීමේ යම් අඩුවක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේය.
සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණවලදී වෙනත් ප්‍රධාන මැතිවරණවලදීමෙන් නොව ඡන්දය ප්‍රකාශ වන්නේ සියයට 50ත් 60ත් අතර සංඛ්‍යාවක් බව සඳහන් කරන හෙට්ටිආරච්චි මහතා මැතිවරණ ප්‍රචාරක කටයුතු පුළුල් ආකාරයට සිදු නොවීම, මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය නොකිරීම අපේක්ෂකයන් ආධාරකරුවන් විශාල පිරිස් රැස්කරගෙන ගමන් නොකිරීම වැනි හේතු කාරණාද ඡන්දය ගැන උද්යෝගය හීන වීමට ප්‍රධාන හේතුවක් බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මැතිවරණය ආසන්න වෙද්දී උද්යෝගය මීට වඩා යම් තරමකට වැඩිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාර කටයුතු ආරම්භ වූ දින සිට මේ දක්වා කිසිදු බරපතළ සිද්ධියක් වාර්තා වී නොමැති බව ෆැෆරල් සංවිධානය පවසයි.
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමදා මැතිවරණ නිරීක්ෂකයන් 4000ක පමණ පිරිසක් රට පුරා යෙදවීමට පියවර ගෙන ඇත
COMMENTS
ඔව් ඒ කතාව හරියටම හරි. පසුගිය ඡන්දෙදි අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ කීව දේ කරන නව වෙනසක් වෙයි කියන බලාපොරොත්තුව ඇතිව. ඒත් බලාගෙන ගියාම මුන් ඔක්කෝටම හපන්. මෙලෝ දෙයක් කරගන්න බෑ. බැරි බැරියාව උපරිම. ගල් පැලෙන් පචවලට මිනිස්සු අහු උනා. මේ කලකිරීම නිසා අපහු ඡන්දෙ දෙන්නේ නෑ.
පසුගිය ජනාධිපතිවරණය ගත්තත් මහමැතිවරණය ගත්තත් චන්දය දුන් සංඛ්‍යාව ඒ ඒ මැතිවරණ වලදි පාවිචි කරන ප්‍රමාණයට වඩා අඩුයි .ජනාධිපතිවරණයකදි 80% ඉක්මවන මුත් 79%ක් චන්දය පාවිචි කර තිබුනේ මහමැතිවරණයේදී පාවිචි කරන චන්ද ප්‍රමාණය 75% ඉක්මවනවා .නමුත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ පාවිචි කල චන්ද ප්‍රමාණය 68% එය පළාත් සභා මට්ටමේ පාවිචි කිරිමක් වෙනවා. බලාපොරොත්තුවු ප්‍රශස්ත මට්ටමට වර්තමාන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ලගා නොවිම නිසා ජනතාව යම් කලකිරිමකින් පසුවෙනවා එනිසා එළඹෙන පළාත් පාලන ආයතන චන්ද විමසිම පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කියන 50% ඉක්මවන මට්ටමට ලගාවිමත් අපහසු වේවි
ඇත්තටම ඡන්දයක් තියෙනව කියලා තේරෙන්නේ ටීවි එකේ, ෆේස්බුක් එකේ ජනාධිපතිතුමාගෙ කතාවක් දැක්කාම විතරයි. විපක්ෂයක් නම් නැත්තටම නැති ගාණයි. කොහොමත් ලංකාවෙ තිබ්බ මහා ඝෝෂාකාරී, මහජන පීඩාකාරී, අවලස්සණ විදියට ඡන්ද පැවැත්වීම ක්‍රමය නැති වෙලා යන එක නම් බොහොම හොඳ දෙයක්.
ලොක්කගෙ ඉදන් සොක්ක වෙනකන් බොරු කිය කිය රට වටේ යනකොට චන්දෙ දීපු අයටත් හිතා ගන්න බැරුව ඉන්නෙ මුන්ටද අපි චන්දෙ දුන්නෙ කියල. බහුතරයකට එපා වෙල ඉන්නෙ
ඔබතුමා දැන් කියන්නේ දේශපාලක උන්නැහේලා මිනිසුන්ට කන්න බොන්න දීලා, මත්පැන් පොවලා මිනි මරාගෙන පෙළපාලි යන්න කියලද?. විරුද්ධ අපේක්ෂ්ක්යනගේ ගෙවල් කාර්යාලවලට ගහලා වැඩ පටන් ගන්න කියලද? මැතිවරණ කචල් වැඩි වුනාම නේද ඔයාලගේ හොද්ද බොර වෙන්නේ. දැන් ඔයාට TV චැනල් වල කියවන්න දෙයක් නැතුව වේලෙනවා නේද ?.පිටරට සල්ලි ඉල්ලේ නේද
ඉතින් නටන්නද කියන්නේ? මේ විදිහට හොදා, මෝඩයෝ වගේ නටන්න ඕන නෑ.
මේරටේ හරක් ප්‍රමාණයේ අඩුවක් දකිනවා කිව්වානම් ඔයිට හොඳයි
සමහරක් එවුන් සමහර පලාත් පාලන ආයතන සදහා ආනයනය කල එවුන් අපේක්ෂකයින් හැටියට නම්කර තියෙනවා. උදාහරණයක් ලෙසට කිව්වොත් තමන්ගෙ ගෙදර පාලනය කරන්න අල්ලපු ගමේ එකෙකුට දෙනවා වගේ වැඩක් ඒක .ඒ නිසා අදාල සභා ප්‍රදේශයේ ඡන්දබලය නැති එවුන්ට ඡන්දය දීලා හෝ ලැයිස්තුවෙන් පිට එවුන් එනවට අපි කැමති නැහැ මහාමැතිවරණය වෙලාවෙ ආදර්ශයක් දුන් හේෂාට එහෙම ඒවා පෙන්වාදීම කර තමන්ගෙ කණ්ඩායම ජයග්‍රහණය කරන්න හොද අවස්ථාවක් තියෙනවා තමන්ගෙ ප්‍රදේශයේ දියුණුව අපේක්ෂාකරන සෑම දෙනාම තමන්ගෙ අසල්වැසියගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවානම් හොදයි