
(සුජිත් හේවාජුලිගේ සහ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය හඳුන්වා දී ඇති රුපියල් කෝටි 7170 සහන පැකේජය යටතේ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් එනම් රුපියල් කෝටි 5280 ක් ඛනිජ තෙල් අංශය සඳහා වෙන් කර ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී තොරතුරැ අනාවරණය විය
ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවියේදී ඇතිවිය හැකි පාඩු සහ ඒ හේතුවෙන් රටේ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම සහනය දුන් බව නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.
මැදපෙරදිග යුද තත්වයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා2026 වසර සඳහා වන අංක 03 දරන පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන් කරන ලද රුපියල් කෝටි 7170ක සහන පැකේජයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබිණ
සහන පැකේජය යටතේ විවිධ අංශ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සහ එම මුදල් භාවිත කරන ආකාරය පිළිබඳවද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.
ඒ එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මෙම කාරක සභා රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්ම මහත්මීහු සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහු සහභාගි වූහ.
එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, තිලිණ සමරකෝන් සහ විරේසිරි බස්නායක යන මහත්වරුන් ඊට සම්බන්ධ වූයේ මාර්ගගත ක්‍රමයටය.
රුපියල් කෝටි 7170ක මුදල ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. ඊට 2026 මැයි සහ ජූනි මාසවලදී දෙන ලද ඉන්ධන සහනාධාර ඇතුළු සහන සඳහා වන ගෙවීම් පියවීම පිණිස නැවත වෙන් කරන ලද රුපියල් කෝටි 5280 ක මුදල සහ අප්‍රේල් මාසයේ ඉන්ධන සහනාධාරය (සිපෙට්කෝ සහ අනෙකුත් ඉන්ධන සැපයුම්කරුවන් සඳහා), කුඩා තේ වතු හිමියන්ගේ පොහොර සහනාධාරය සහ ධීවර සහනාධාර සඳහා ලබා ගැනීම හේතුවෙන් අඩුවී තිබූ වාර්ෂික අයවැය සංචිතය නැවත පූරණය කිරීම පිණිස නැවත වෙන් කරන ලද රුපියල් කෝටි 1890 ක මුදල අැතුළත්ය.
මෙම කාරක සභාව විසින් 2026 ජූනි 11 වන දින සමාලෝචනය කරන ලද රුපියල් කෝටි 2000 අතිරේක ඇස්තමේන්තුව මෙන්ම, මෙම ඉල්ලීම මගින් ද 2026 වසරේ වියදම් සීමාව හෝ ණය ගැනීමේ සීමාව හෝ ඉහළ නොයන බව ද මෙහිදී අනාවරණය විය. මෙය පවතින වෙන් කිරීම් නැවත ප්‍රති-වෙන්කිරීමක් (reallocation) පමණ්ක් බවද පැවැසිණ.
සමස්ත රුපියල් කෝටි 7170ක මුදලම පියවනු ලබන්නේ 'දිට්වා' (Cyclone Ditwah) වෙනුවෙන් වෙන් කරන ලද 2026 අංක 01 දරන රුපියල් කෝටි 50000 ක අතිරේක ඇස්තමේන්තුවෙන් භාවිත නොකළ ශේෂයන් ලබා ගැනීමෙනි. (2026 ජූනි 30 වන විට ඉන් නිකුත් කර තිබුණේ රුපියල් කෝටි 24390 ක් පමණි).
ඒ අනුව මෙම සහනය ඉන්ධන සමාගම් සඳහා දෙන සහනාධාරයකට වඩා පාරිභෝගික සහනාධාරයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය පැවති තත්වය මත දුන් තාවකාලික සහනයක් පමණක් බවත් මෙහිදී පැහැදිලි කෙරිණි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන සැපයුම්කරුවන් සඳහා2026 අප්‍රේල් මාසය සඳහා පමණක් රුපියල් කෝටි 20,50කට වැඩි සහනාධාරයක් ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය විය. එම මුදලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා රුපියල් කෝටි 1500ක් ද , ලංකා IOC සමාගම සඳහා රුපියල් කෝටි 2,34ක් ද, සයිනොපෙක් සමාගම සඳහා රුපියල් කෝටි 1,50ක් ද, RM Parks සමාගම සඳහා රුපියල් කෝටි 1,66 ක් ද ගෙවා ඇති බව ප්‍රකාශ කෙරිණ.
එමෙන්ම, රුපියල් රුපියල් කෝටි 7170ක සමස්ත සහන පැකේජය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය සඳහා රුපියල් කෝටි 1500ක්, අස්වැසුම වැඩසටහන සඳහා රුපියල් කෝටි 8200ක් ද, යළ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 300ක්, කුඩා වැවිලි කරුවන් සඳහා රුපියල් කෝටි 220ක් ද සහ ධීවර කර්මාන්තය සඳහා රුපියල් කෝටි 120කද වෙන් කර ඇති බව කාරක සභාවේදී හෙළිවිය .
ඒවගේම, දිට්වා හේතුවෙන් සිදු වූ හානියෙන් පසු එහි ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව මාර්ග සංවර්ධනය අධිකාරිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. හානියට පත් වූ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියානු සහ චීන රජයන් ආධාර දෙන බව මෙහිදී එම නිලධාරීහු කීහ
තවද, මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන පිවිසුම්වල වැඩකටයුතු 2028 වසර අවසානය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති බවද එහිදී ප්‍රකාශ විය. අධිවේගී මාර්ගවල විදුලි සැපයුම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවත්, ඉදිරි මාස තුන ඇතුළත එම කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවත් ඔවුහු පැවසුහ.
තවද,'එල්නිනෝ' තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා වූ අතර, මෙවැනි දේශගුණික විපර්යාසයන් ඉදිරියේදී ද ඇති විය හැකි බැවින්, ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා 'ආපදා කළමනාකරණ ව්‍යවස්ථාපිත අරමුදල' බලගැන්වීමේ වැදගත්කම කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.
තවද, විගණකාධිපතිතුමියගේ වැටුප් නිර්ණය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහය හා අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වූ අතර, ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සඳහා ඉදිරි දිනයකදී නැවත සාකච්ඡා කිරීමටද කාරක සභාව තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd