IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පිලිපීන ජනපතිවරණයෙන් බොන්ග්බොන්ග් ඉදිරියට

පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට එරට හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග්බොන්ග් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයෝ 6 දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් අතරින් ද සටනක් පැවැතියේ, පිලිපීන 'පී.ඊ.පී' ජාතික පක්ෂය නියෝජනය කළ බොන්ග්බොන්ග් සහ 'ලිබරල්' පක්ෂ අපේක්ෂිකාව ලෙනී රොබ්‍රේඩෝ අතරේය.

නිල නොවන වාර්තා අනුව, බොන්ග්බොන්ග් මාකෝස් ජූනියර් (කණිෂ්ඨ) ලබා ගත් ඡන්ද ගණන මිලියන 18 කි. ලෙනී රොබ්‍රේඩෝ ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද මිලියන 8.5 ක් පමණි. 54 හැවිරිදි ලෙනී රොබ්‍රේඩෝ, පිලිපීන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උප ජනාධිපති ලෙස වසර 6 ක් එම ධුරයේ රැඳී සිටීමෙන් පසුවය.

1987 සම්මත කරගත් පිලිපීන ව්‍යවස්ථාවට අනුව, එරට ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර 6 ක් පමණි. ඔහුට හෝ ඇයට යළි ජනපතිධුරය වෙනුවෙන් තරග කළ නොහැකි වෙයි. ඒ අනුව, වත්මන් පිලීපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නැත. උප ජනාධිපතිවරයාට, ජනාධිපති අපේක්ෂක ලෙස ඉල්ලුම් කළ හැකිය. ලෙනී රොබ්‍රේඩෝ ජනාධිපති සටනට ඉදිරිපත් වූයේ ඒ අනුවය.

පිලිපීන ජනාධිපතිවරණය සමඟ උප ජනාධිපතිවරණය ද පැවැත්විණි. බොන්ග්බොන්ග් ජනාධිපති ධුරයට තරග වදිද්දී, ඔහුට සහාය පළ කරමින් ඔහුගේ 'සෙවනැල්ල' ලෙස උප ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වැදුණු අපේක්ෂිකාව ඉන්ඩේ සාරා ඩුටර්ටේ ය. 43 හැවිරිදි සාරා, වත්මන් පිලීපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණියයි. ඉන්ඩේ සාරා ඩුටර්ටේ නීතිඥවරියකි. 2010 සිට 2013 දක්වාත්, ඉන්පසු 2016 සිට 2022 දක්වාත් පිලිපීනයේ ඩාවෝ නගරාධිපතිනිය ලෙස කටයුතු කළේ ඉන්ඩේ සාරා ඩුටර්ටේය.

බොන්ග්බොන්ග්, ෆර්ඩිනැන්ඩ් මාකෝස් සහ බිරිඳ ඉමෙල්ඩාගේ එකම පුත්‍රයා ය. ජනතාව පීඩාවට පත් කළ ඒකාධිපති පාලකයකු ලෙස  ෆර්ඩිනැන්ඩ් මාකෝස් සැලෙකන අතර, ජනතා මුදලින් 'සුරසැපවිඳි' ජනාධිපති ආර්යාවක ලෙස සැලකෙන්නේ ඉමෙල්ඩා ය. අවසානයේ දැඩි ජනතා විරෝධය මැද, ඇමෙරිකාවේ සහාය ලබා ගනිමින් හවායි හි පදිංචියට ගිය ෆර්ඩිනැන්ඩ් මාකෝස් දැඩි ලෙස රෝගී වී මියගියේ හෘදයාබාධයකිනි. ඒ, 1989 වසරේදීය. ඉමෙල්ඩා ද පිලිපීන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සිවු වරක් තේරී පත් වූ තැනැත්තියකි. ඇය වඩාත් ප්‍රකට ජනතා මුදලින් මිල අධික සපත්තු එකතුවක් පවත්වාගෙන ගිය බවටය. 92 හැවිරිදි ඇය තවමත් ජීවතුන් අතර පසුවෙයි.

බොන්ග්බොන්ග් විවාහ වී ඇත්තේ 1993 වසරේදීය. ඔහුට දරුවන් තිදෙනෙකි. 1980 සිට 83 කාලයේ ඉලොකෝස් නෝටේ පළාතේ උප ආණ්ඩුකාරවරයා ලෙසත්, 1998 සිට 2007 තෙක් කාලයේ ඉලොකෝස් නෝටේ ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කර තිබේ.

2010 සිට 2016 තෙක් කාලයේ පිලිපීන සෙනෙට් මණ්ඩලය නියෝජනය කිරීමට ද බොන්ග්බොන්ග් ට හැකියාව ලැබුණි. පිලිපීනය මුහුණ දෙන ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදවලට පිළියම් යෙදීමටත්, රට ශක්තිමත් කිරීමටත් තමන් සූදානම් යැයි බොන්ග්බොන්ග් සිය මැතිවරණ රැළිවලදී පවසා තිබුණි.

(රොයිටර්)



අදහස් (0)

පිලිපීන ජනපතිවරණයෙන් බොන්ග්බොන්ග් ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site