( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)

ඉංගිරිය ඌරුගල නම්බපාන නිවසක් තුළදී  පියාගේ හිසට යතුරු පැදියක යකඩ පටියකින් පහර දී  ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩිමහල් පුතු  අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය සඳහන් කරයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර රත්නපුර පෞද්ගලික බස් රථයක රියැදුරකු ලෙස සේවය කල දේවගේ ප්‍රියාල් ලලින්ද්‍ර කරුණාතිලක 50 තිදරු පියෙකි

ඝාතනයට  ලක් වූ පුද්ගලයා අධික ලෙස බීමත්ව  නිරතුරුව මවට මෙන්ම දරුවන්ට පහර දෙන පුද්ගලයකු බවට විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි

ඝාතනයෙන් පසු සැකකාර පුතු නිවසින් බැහැරට පලා ගොස් මවට මේ පිළිබඳ පවසා තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය

තුවාල ලබා සිටි පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඉංගිරිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පුතු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය