
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි කළ ඡායාරූප ශාලාවක් වටලා එහි හිමිකරු සහයක තරුණියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ ව්‍යාජ ලේඛන සකස් කිරීමට යොදාගත් ලැෆ්ටොෆ් පරිගණක යන්ත්‍ර 2 ක් ප්‍රින්ටරයක් ස්කෑන් යන්ත්‍රයක් , අන් සතු විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් පත්‍ර 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් හට ප්‍රමුඛතාවය මත සේවය ලබාදීම සඳහා බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ අනුව පැමිණෙන ජනතාව හට ප්‍රමුඛතාවය මත සේවය ලබා ගැනීමට ඉදිරිපත් කරන ලිපි ලේඛන සඳහා බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රාව තබා දිනය හා ප්‍රමුඛතා අංකයක් ලබාදීම සිදුකරන බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 21
76
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
173
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1028
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
sam Monday, 14 October 2024 04:19 AM
මොවුන්ව අවුරුදු 10 කටවත් හිරේ දාලා ලොකු ප්‍රසිද්ධියක් දෙන්න මේ වගේ වැඩ කළොත් හිරේ අවුරුදු 10ක් යයි කියලා. හුඟක් අය මේ වගේ වැරැදි වැඩවල දිගටම ඉන්නේ හිටපු ආණ්ඩුවල දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් මේ වගේ වැරැදි වැඩවලින් පැනලා යන්න පුලුවන් වුණු හින්දයි.