
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
සකල ලෝක සත්වය පාපයෙන් මුදවා ගැනීමට කුරුයේ ඇන ගසා ජීවිතය පූජාකර දවස් 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවෝ සමරති.
පාස්කු ඉරිදා වෙනුවෙන් පැවැත්වුණු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව ඊයේ (19) රාත්‍රී සෑම දේවස්ථානයකම පැවැත්විණි.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සහභාගී වූ විශේෂ දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්වූහ.
ජේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් ලොව පුරා කිතුණු බැතිමත්හු පාස්කු දිනය සමරති.
දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවෝ විවිධ වත් පිළිවෙත් සිදු කළ අතර දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනය වන අදින් අවසන් වේ.
ජෙරුසලම් හි කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක යළි උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන් වේ.ෙ
පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමත්හු මෙන් ලෝව පුරා සිටින කිතුණු වෝද ද ඉතා උත්කර්ෂවත් ලෙස සමරති.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාස්කු ඉරිදා අදයි
L.kumara Monday, 21 April 2025 10:02 AM
මහ මොලකරුගේ නම කියන්නෙත් අදයි