IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පාසල් ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

(අංජුල මහික වීරරත්න)

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය - 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්‍රී ලාංකීය වාර්තාව එළිදැක්වීම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

මෙම සමීක්ෂණ වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහාය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක් ව එළිදක්වන ලද සමීක්ෂණ වාර්තාවකි. 

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන්නන් මිලියන 22 ක ජනගහනය අතුරින් මිලියන 3.5 ක් (අවුරුදු 10-19) වේ. ඉන් 71% ක් පාසල් යන අය වන අතර 29% ක් පාසල් නොයන අය වෙති.

සමීක්ෂණයට ලක් කළ සිසුන්ගෙන් 17.4 %ක් සෞඛ්‍ය සම්පන්න නොවන බීම පරිභෝජනය කරන බවත්, ඉන් වැඩි පිරිසක් පිරිමි ළමුන් වන බව ද වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම සිසුන්ගෙන් 28% ක් දිනපතා සීනි සහිත පාන වර්ග පරිභෝජනය කරන අතර, 28.5% ක් දිනපතා ලුණු සහිත කෙටි ආහාර පරිභෝජන කරන බව ද පෙන්වා දෙයි. මීට අමතරව 29.3% ක් අධික තෙල් සහිත ආහාර පරිභෝජනය කරන බවත්, 40.9% දිනපතා අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරන බව ද වාර්තාවේ සදහන් වේ. සිසුන්ගෙන් සියයට 70.4% ක් සමීක්ෂණයට පෙර ගත වූ සතියෙහි එක් වරක්වත් ක්ෂණික ආහාර අනුභව කර ඇති බව ද සදහන් ය. 

වයස අවුරුදු 13 ත් 17 ත් අතර සිසු සිසුවියන්ගේ  බර අඩු ප්‍රතිශතය 21.4 % ක් සහ අධිබර ප්‍රතිශතය 12.1 % ක් බව ද වාර්තා දත්ත තුළින් පෙන්වා දෙන අතර,  ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස අනුව, සිගරට් එකක් හෝ දෙකකින් දුම්පානය කිරීමට උත්සාහ කළ හෝ අත්හදා බැලූ සිසුන්ගේ ප්‍රතිශතය 12.8 % ක් බව ද වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.



අදහස් (0)

පාසල් ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 395 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2175 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1651 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site