
(අංජුල මහික වීරරත්න)
ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා කරන බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් සමගි ජන බලවේගයේ නැතැයි කී මහලේකම්වරයා සජබෙ දැන් බදු ගෙන සිටින ගොඩහේවලාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? නැතිනම් එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? කියා තීරණය කරන්නැයි ඉල්ලා සිටින බවද කීය.
එමෙන්ම නම නොකී සැමට ද පොදුවේ ආරාධනාවක් කරන බව මහලේකම්වරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව කීය.
COMMENTS
හපෝ එතකොට ඔයාලා සහජීවනය විදින මහින්ද මාමලා ඇතුළු පොහොට්ටු බළකාය කොහෙද යන්නේ?
අනේ බන්ඩො sjb ,එකේ තියෙන්නෙ sjb ප්‍රතිපත්ති .unp එව නෙවෙයි.unp කියන්නෙ අද ලන්කාවෙ තියන සුලු පක්ශයක්.පොහොට්ටුවත් සුලු පක්ශයක්.දෙක එකට එකතු උනත් ඒකත් සුලු පක්ශ සන්ධානයක්.unp එකේ අද ජනතා ආකර්ශනය සහිත කිසිම නායකත්වයක් නෑ.ඉන්න සියලුම දෙනා ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිසක්.ගිලෙන නැවකට පනින්නෙ පිස්සො සහ මෝඩයෝ විතරයි
ගොඩ නැගූ රටක් නොමැත .විදේශ ණය ආපසු නොගෙවීම නිසා විදෙස් සංචිත මද වශයෙන් වැඩි වී ඇත.ඒ ණය අනාගත පරම්පරාව මත පටවා ඇත.තව දුරටත් රට කාබාසිනියා නොකර පලයල්ලා
ළඟදීම ඒවි
රනිල් රවී ගාවට එන්න කියලද ඔය කියන්නේ .අපෝ බැහැ බැංකු කඩලා නෝන්ඩි වෙලානේ ඉන්නේ
මොලයක් තියන එකෙක් ඔය දේශපාලන ජීවිතේ අසාර්ථක පිනා එක්ක යනවද ?
1977 ඉඳන් රට විනාශ කරපු UNP එකේ හරි ශෝක් ප්‍රතිපත්ති ටික .රට ඔක්කොම විකුනලා තමා ඉවර කරන්නේ
හයියෙන් කාක් කාක් කියලා කෑ ගැහුවානම් කාක්කෝ ඔක්කොම එකතු වෙනවා
හුටා මේ තරම් කාලයක් කොට ඇදපු උන්ට ඇමතිකම් තියා ටිකට් එකවත් ලැබෙන්නේ නැති පාටයි
හැමෝම බෑ කියනකොට රනිල් (බිග් බොස්) විතරයි රට බාරගෙන අද තියෙන ලෙවල් එකට ගෙනාවෙ ඒකට ගරු කරනව ජනාධිපතිට.
තලතා අතුකෝරල මැතිනියනි ,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්මයාණෙනි, ඔබ එජාප ගිහින් අනාථ වෙන්න එපා. ඔබලා එජාප ගියොත් අනිවාර්යෙන්ම පරාද වෙනවාමයි
තලතා අතුකෝරල මැතිනියනි ,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්මයාණෙනි, ඔබ එජාප ගිහින් අනාථ වෙන්න එපා. ඔබලා එජාප ගියොත් ඔබලාගේ දේශපාලන ගමනත් ඔතනින්ම ඉවරයි, ඒ තරමටම එජාප ඕනෑම මැතිවරණයකදී මේ පාරත් පරාජය නියතයි
කිසිම ලැජ්ජාවක් නැති දේශපාලුවෝ .පින්සිද්ද වෙයි උඹලා තවත් රට කන්නේ නැතුව ගෙදරට වෙලා හිටපල්ලා
පරපුරක් නැති කෙනෙක් පරපුරකට කරන්නෙ කොහොමද? ඔයාමනේ ඕක ඇහුවෙ?? දැන් පරපුරක් ඇති වෙලාද මේ එන්න කියන්නෙ???