
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ ඝාතනය කර ඇත්තේ මඩකලපුව කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි ඒ.ටී දර්ශන නැමැති ළමයෙකි.
හොරකමක්ට සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයක් අනුව මෙම ළමයා කල්මුනේ ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ රඳවා තබා සිට ඇතැයි පොලිසිය කියයි.
මෙම ළමයා ගේ මුරණ්ඩුකම් මට්ටු කිරීමටයැයි කියා පොලුවලින් පහර දී තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන්නු...!
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ.. නොසැලකිලිමත් ලෙස වගකීමක් නැති ආයතනයක් වෙත ළමයාගේ භාරකාරත්වය පැවරීම මගින් අධිකරණය ඉතාමත් නොසැලකිලිමත් ලෙස වගකීමකින් තොරව කටයුතු කිරීම නිසා මේ අපරාධය සිදු වී ඇති බව පේනවා. සාධාරණ පරීක්ෂණයක් තුළින් යුක්තිය ඉටුවිය යුතුයි...!