(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි  බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන  යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව  පැමිණිල්ලක් කර ඇතැයි මහවෙල පොලිසිය සඳහන් කරයි.

මෙම උප ‍පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි. මෙම දරුවා පාරේ වෙට්ටු දමමින් පාපැදිය පදවාගෙන ගියේ යැයි කියමින් මෙම පහරදීම සිදුකර ඇතැයි කියති.

පහර කෑමට ලක්වූ බව කියන මෙම බාල වයස්කාර දරුවා නිවෙසට පැමිණ ක්ලාන්තය සෑදුණු බව කියා ඇද වැටුණු බව  දරුවාගේ මව පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.

බාලවයස්කාර දරුවා පාපැදියෙන් පල්ලිය වෙත යමින් සිටියදී නිකගොල්ල ප්‍රදේශයේදී මෙසේ පහර කෑමට ලක්වී ඇතැයි කියති.