(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු අවට මාර්ගවල ආරක්ෂක හේතූ මත හදිසියේ ස්ථාපනය කෙරුණු මාර්ග බාධක අද පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ මාර්ග විවෘත කර ඇතැයි වාර්තා වේ.
එම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ උද්ඝෝෂණකරුවන් ඒ ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීම නිසා යැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
කෙසේ වෙතත් පොලිස් නිලධාරිහු කණ්ඩායම් ඒ අවට ප්‍රදේශවල තවමත් සීරුවෙන් තබනු ලැබ සිටිති.
COMMENTS
උද්ඝෝෂණ කරුවන් ඉවත්වීම නිසාද නැත්නම් පාර්ලිමේන්තුව කල්තැබීම නිසාද??
ජීවිතය පුරාවටම, ජීවිත ගමනට අතුරා තිබූ බාධකවලට මුහුණ දී පුරුදු හුදී මුළුමහත් මේ යකඩ ජනතාවට මේවත් බාධකද? තේරුම් ගනිල්ලා... බලන්නකෝ, මහඑවුන් සැඩපහරකට හසුවෙලා එල්ලෙන්න පිදුරු ගස් හොයනවා. අරගලයට ජය... ජනතාවට ජය... !!!