IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය කරයි

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (10) සවස 5.48 ට යෙදෙන සුබ මූහුර්තියෙන් වීදි සංචාරය කිරීම ඇරඹීය.

ශ්‍රී දළදා මාලිගාවෙන් පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය ඔස්සේ පහළට   විත් යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමිතය .

ප්‍රථම කුමල් පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමේ භාග්‍ය උදාකරගෙන ඇත්තේ ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා වන අතරමියන් රාජා සහ සිංහරාජාදෑල ඇතුන් ලෙස ගමන් කරයි.

ප්‍රථම කුමල් පෙරහර කුඩා ළමුන්ට පෙන්වීමෙන් එම දරුවන් අපල උපද්‍රව වලින් මිදෙන බවට පුරාණයේ සිට විශ්වාසයක් පවතින බැවින් බොහෝ දෙමව්පියන් තම කුඩා දූ පුතුන්ට ප්‍රථම කුඹල් පෙරහර පෙන්වීමට දැඩි උනන්දුවක් දක්වති .



අදහස් (0)

ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site