(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකට ලක්ව සිටින මොහොතේ රහස් පොලිසිය එතුමන්ගේ නිවසට ගොස් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ගැනීම හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ද රෝගී වී සිටින මොහොතක පිටස්තරයන් එම නිවසට යාම ඔවුන්ගේ සෞඛ්‍ය අනතුරේ හෙලන්නක් බවද අබේවර්ධන මහතා කීය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.