IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජය තීරණයක් ගෙන නොතිබියදී  ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ  පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා  එම තනතුරෙන්  වහාම ඉවත් කිරීමට උපදෙස්දී ඇතැයි  කෘෂිකර්ම අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාරවරයා  ග්ලයිෆොසේට්  තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම  සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ  සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ පුද්ගලයා ඊයේ දිනයේම එම තනතුරෙන් ඉවත් කිරීමට තමා උපදෙස් දුන් බව පැවසූ ඇමැතිවරයා ග්ලයිෆොසේට් තහනම යළි පැනවීමට  අවශ්‍ය කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

රසායන  සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වීමට මෙයට පෙර කටයුතු  කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්   මේ පුද්ගලයාට එරෙහිව  විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් පළිබෝධනාශක   ගෙන්වීමේදීද මේ පුද්ගලයා එක්තරා සමාගමකට  පක්ෂපාතව කටයුතු කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය.

රසායන පොහොර සමාගම්  සමග   කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් පසුගිය කාලයේදී  කටයුතු කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 


(යොහාන් භාසුර)

ග්ලයිෆොසේට් ඇතුළු පලිබෝධනාශක පහක් ප්‍රදේශ කිහිපයක භාවිතය සහ අලෙවිය තහනම් කරමින් 2014 වසරේ දෙසැම්බර් මස 22 වැනි දින නිකුත් කළ තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව විනය පියවර ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දිානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේග ජයසිංහ මහතා ගෙන් කරුණු විමසා ඇතැයි ද දැනගන්නට තිබේ.

 



අදහස් (10)

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

සෙනෙවිරත්න Tuesday, 23 November 2021 10:41 AM

එතුමට මෙම උපදෙස කවුරුවත් දුන්නද? නැත්නම් තමන්ගෙ හිතුමතයට ගනිපු තීරණයක්ද? මොනව උනත් රටක නායකත්වයක් නැති බවයි පෙනෙන්නෙ මේ වගේ දේවල් වලින්

:       0       0

පැරකුම් Tuesday, 23 November 2021 10:53 AM

රෙජිස්ට්‍රාර් වරය හිතුමතේ කලා වෙන්න බෑ ඉහලින් දීපු උපදෙසක් අනුව කරන්න ඇති කවුද දැන් අපේ රට පාලනය කරන්නෙ? හරිම අවුලක් අගේට තිබුනු රටකට ගිය කලක්…!

:       0       0

ජයන්ත Tuesday, 23 November 2021 11:13 AM

මේක දෙපාර්ශවයම සාකච්ඡා කරල කරන නාට්‍යක්. දේශප්‍රේමී ආණ්ඩුවක් බව පෙන්නීමට.

:       0       0

sudath Tuesday, 23 November 2021 11:18 AM

රටට අබ සරණයි

:       0       0

Vithana Tuesday, 23 November 2021 02:03 PM

එහෙම චෝදනා තියෙන කෙනෙක්ව ඒ තනතුරේ තියා ගත්තේ ඇයි? අපි ඔටුවෝ කියලයි මහින්දානන්ද හිතන් ඉන්නේ.

:       6       21

jagath Tuesday, 23 November 2021 03:30 PM

කෘෂිකර්ම ඇමැති වෙන්න මහින්දානන්දට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද?

:       2       17

ගමේ එකාලා Tuesday, 23 November 2021 09:34 PM

සුදුසුකම් තියෙන අයද, ආණ්ඩුවේ ඉන්නේ...? හොරකම, වන්චාව, බොරුව, කපටිකම, ඒ සුදුසුකම් තිබුණාම මදෑ...

:       0       0

PereraTuesday, 23 November 2021 11:26 PM

ඔබ මේ හරකුන්ව දැකලා තියෙනවාද?

:       0       0

සිල්වා Wednesday, 24 November 2021 11:53 AM

පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන උත්තරීතර ස්ථානය යි. මහජනතාව එම ගරු සභාවට යැවිය යුත්තේ එම කාර්යය භාරය හරි හැටි ඉටු කළ හැකි තැනැත්තන් බව තේරුම් ගත යුතුය. එය එසේ සිදු නොවන නිසයි රට අද මෙම තත්වයට පත්ව ඇත්තේ.

:       0       2

Perera Tuesday, 23 November 2021 11:35 PM

කතන්දරේ වැඩිවිස්තර යූ ටියුබ් නාලිකාවෙන් බලාගන්න පුළුවන් වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13529 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site