
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය තව වසරකින් පමණ කල් යනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් සභා මැතිවරණයට තවම සූදානමක් නැති බවයි.
ඒ සම්බන්ධයෙන් තවම සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් බොහෝ දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට දැන් තියා සූදානම් වෙමින් සිටින බව දැනගන්නට ඇත.
සමහර පක්ෂ සිය මහ ඇමති අපේක්ෂකයන්ද දැනටමත් නම් කර ඇත. බොහෝ පළාත් සභාවල ධූර කාලය අවසන්වී වසර දහය ඉක්මවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ඡන්ද කල් දාන්නේ නැහැ කියපු හරිනි. ඇඳ යටද...?
පළාත් සභා පිළිබඳව ජනමත විමසුමක් සිදුකර තීරණය කළ යුතුයි. පළාත් සභා ක්‍රමය සුදු අශ්වයෙක්...
දැන් තිබ්බොත් මාලිමාව උඩින්ම පරාදයි...
පළාත් සභා අහොසි කළ යුතුයි...! බොරු වැඩක් විශ්ව විද්‍යාල 10 හදන්න තව දරුවන් ටිකකට වටිනාකමක් එකතු කරන්න TNA and ඉන්දියාව බලෙන්ම දුන්නු සුදු අලියෙක්...!
පරදිනවා ආයේ ලොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ.
බු හා හා හා, ඉතිහාසේ එක කාලෙකදී ඡන්ද තිව්වේ නැහැ කියල රනිල්ලාට බැනපු උන්ම ඡන්ද කල් දානවා, මේවට කියන්නේ දෛවයේ සරදම් කියල.
පලාත් සභා මැතිවරණය පවතින ආණ්ඩුවට අනවාර්යයෙන්ම පවත්වන්නට සිදුවෙනවා. පළාත් සභා මැතිවරණය සුදු අලියෙක් වුවත් උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය ඉල්ලනවා... එයට හේතුව වර්තමාන ආණ්ඩුව ඉන්දියාව සමග වර්තමානයේ අත්සන් කර ඇති ගිවිසුම් මොනවාද කියා අප දන්නේ නැතත් බලහත් කාරයෙන් අපට දායාද කළ පළාත් සභා මැතිවරණය දෙමළ ජනතාවගේ බෙදුම් වාදයට රුකුලක් ලෙස වුවත් පළාත් සභා මැතිවරණයෙන් ඔවුන්ගේ නියෝජනයක් බලාපොරොත්තු වෙනවා... වඩාත්ම ඔවුන් දිරිමත් වුයේ වර්තමාන ජනාධිපති වරයා උතුරු පළාතෙදී පැවසූවේ ඩයස්‌පෝරාවට උතුරු නැගෙනහිර ආයොජනය කරන ලෙසයි...