IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පළාත් සභා ඡන්දය කල් යයි



(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා මැතිවරණය තව  වසරකින් පමණ   කල් යනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් සභා මැතිවරණයට තවම සූදානමක් නැති බවයි.

ඒ සම්බන්ධයෙන් තවම සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් බොහෝ දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට දැන් තියා සූදානම් වෙමින් සිටින බව දැනගන්නට ඇත.

සමහර පක්ෂ සිය මහ ඇමති අපේක්ෂකයන්ද  දැනටමත් නම් කර ඇත. බොහෝ පළාත් සභාවල ධූර කාලය අවසන්වී වසර දහය ඉක්මවා ඇත.



අදහස් (8)

පළාත් සභා ඡන්දය කල් යයි

pj Sunday, 25 May 2025 12:58 PM

කෝ අර ඡන්ද කල් දාන්නේ නැහැ කියපු හරිනි. ඇඳ යටද...?

:       12       18

සිල්වා Sunday, 25 May 2025 01:05 PM

පළාත් සභා පිළිබඳව ජනමත විමසුමක් සිදුකර තීරණය කළ යුතුයි. පළාත් සභා ක්‍රමය සුදු අශ්වයෙක්...

:       2       28

pjSunday, 25 May 2025 04:51 PM

මේ තිබෙන අටමගලෙත් එහෙම අයින් කරන්න පුළුවන් නම්..!

:       1       7

අප්පුහාමි Sunday, 25 May 2025 01:16 PM

දැන් තිබ්බොත් මාලිමාව උඩින්ම පරාදයි...

:       13       18

Sameera Sunday, 25 May 2025 03:06 PM

පළාත් සභා අහොසි කළ යුතුයි...! බොරු වැඩක් විශ්ව විද්‍යාල 10 හදන්න තව දරුවන් ටිකකට වටිනාකමක් එකතු කරන්න TNA and ඉන්දිය‍ාව බලෙන්ම දුන්නු සුදු අලියෙක්...!

:       1       18

අතුල Sunday, 25 May 2025 06:25 PM

පරදිනවා ආයේ ලොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ.

:       5       9

ගුණරත්න Monday, 26 May 2025 07:52 AM

බු හා හා හා, ඉතිහාසේ එක කාලෙකදී ඡන්ද තිව්වේ නැහැ කියල රනිල්ලාට බැනපු උන්ම ඡන්ද කල් දානවා, මේවට කියන්නේ දෛවයේ සරදම් කියල.

:       1       4

රංජිත් ජයන්ත Thursday, 29 May 2025 02:48 PM

පලාත් සභා මැතිවරණය පවතින ආණ්ඩුවට අනවාර්යයෙන්ම පවත්වන්නට සිදුවෙනවා. පළාත් සභා මැතිවරණය සුදු අලියෙක් වුවත් උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය ඉල්ලනවා... එයට හේතුව වර්තමාන ආණ්ඩුව ඉන්දියාව සමග වර්තමානයේ අත්සන් කර ඇති ගිවිසුම් මොනවාද කියා අප දන්නේ නැතත් බලහත් කාරයෙන් අපට දායාද කළ පළාත් සභා මැතිවරණය දෙමළ ජනතාවගේ බෙදුම් වාදයට රුකුලක් ලෙස වුවත් පළාත් සභා මැතිවරණයෙන් ඔවුන්ගේ නියෝජනයක් බලාපොරොත්තු වෙනවා... වඩාත්ම ඔවුන් දිරිමත් වුයේ වර්තමාන ජනාධිපති වරයා උතුරු පළාතෙදී පැවසූවේ ඩයස්‌පෝරාවට උතුරු නැගෙනහිර ආයොජනය කරන ලෙසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site